Update - බස්නාහිර උණුසුමෙන් සෙංකෝලයටත් හානි

Monday, 28 August 2017 - 12:08

Update+-++%E0%B6%B6%E0%B7%83%E0%B7%8A%E0%B6%B1%E0%B7%8F%E0%B7%84%E0%B7%92%E0%B6%BB+%E0%B6%8B%E0%B6%AB%E0%B7%94%E0%B7%83%E0%B7%94%E0%B6%B8%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B7%99%E0%B6%82%E0%B6%9A%E0%B7%9D%E0%B6%BD%E0%B6%BA%E0%B6%A7%E0%B6%AD%E0%B7%8A+%E0%B7%84%E0%B7%8F%E0%B6%B1%E0%B7%92
20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ කෙටුම්පත බස්නාහිර පළාත් සභාවේ විවාදයට ගැනීමට සූදානම් වූ අවස්ථාවේ ඇතිවූ නොසන්සුන්කාරී තත්වයක් හේතුවෙන් සභාව උණුසුම් වුණා.

මේ හේතුවෙන් සභාවේ කටයුතු අද (28) මද වේලාවකට අත්හිටුවීමට ද සිදු වුණා.

ප්‍රධාන ඇමතිවරයා කියා සිටියේ අද දින ඡන්ද විමසීම සිදු නොකර වෙනත් දිනයක මෙය යළි සලකා බැලිය හැකි බවයි.

ඊට එජාප මන්ත්‍රී කණ්ඩායම ද එකඟ වූ බව අරුණ දීපාල් මන්ත්‍රීවරයා ප්‍රකාශ කළා.

ඊට විරුද්ධ වූ ඒකාබද්ධ විපක්ෂයට සම්බන්ධ පළාත් සභා මන්ත්‍රීවරු විරෝධය පළ කරමින් සෙංකෝලය උදුරාගෙන තිබෙනවා.

පසුව සෙංකෝලය උදුරා ගැනීමට එජාප මන්ත්‍රීන් උත්සහ දැරීමත් සමඟ එය කෑලිවලට ගැලවී ගිය අතර පසුව එය අලවා යළි සකසා නැවත සභාව රැස් වී තිබෙනවා.

එහි දී ප්‍රධාන අමාත්‍යවරයා ගෙන ආ යෝජනාවට ඡන්දය විමසූ අතර ඊට පක්ෂව ඡන්ද 51ක් ද විපක්ෂව ඡන්ද 41ක් ලැබී තිබෙනවා.

එයට පක්ෂව ඡන්දය ප්‍රකාශ කර ඇත්තේ එජාප, ශ්‍රීලනිප මෛත්‍රී පාර්ශවයයි.

ඒකාබද්ධ විපක්ෂය සහ ජනතා විමුක්ති පෙරමුණ විරුද්ධ වුණා.

එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී ශ්‍රීනාත් පෙරේරා ඡන්දය දීමෙන් වැලකී සිටි බව සඳහන්.

ලබන 04 වනදා 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ කෙටුම්පත ගැන බස්නාහිර පළාත් සභාවේ විවාදය හා ඡන්ද විමසීම පැවැත්වෙන බව එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී නීතිඥ අරුණ දීපාල් කියා සිටියා.

Update :- Monday, August 28, 2017 2.08 Pm
---------------------------------------------------------

බස්නාහිර පළාත් සභාව තුල මේ වන විට උණුසුම් තත්වයක් ඇතිව තිබෙනවා.

20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ කෙටුම්පත අද (28) පළාත් සභාවේ විවාදයට ගැනීමට සූදානම් වූ අවස්ථාවේ මෙම තත්වය ඇතිවූ බවයි වාර්තා වන්නේ.