පුංචි ඡන්ද පණතට එරෙහිව ඒකාබද්ධය ශ්‍රේෂ්ඨාධිකරණයට

Monday, 28 August 2017 - 13:15

%E0%B6%B4%E0%B7%94%E0%B6%82%E0%B6%A0%E0%B7%92+%E0%B6%A1%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF+%E0%B6%B4%E0%B6%AB%E0%B6%AD%E0%B6%A7+%E0%B6%91%E0%B6%BB%E0%B7%99%E0%B7%84%E0%B7%92%E0%B7%80+%E0%B6%92%E0%B6%9A%E0%B7%8F%E0%B6%B6%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0%E0%B6%BA+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%9A%E0%B7%82%E0%B7%8A%E0%B6%A8%E0%B7%8F%E0%B6%B0%E0%B7%92%E0%B6%9A%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%E0%B6%A7
පසුගියදා සම්මත කෙරුණු පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් සංශෝධන පනත සම්බන්ධයෙන් ඒකාබද්ධ විපක්ෂය ඉදිරියේදී ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසීමට බලාපොරොත්තු වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම ප්‍රකාශ කළා.

ඊයේ දෙවිනුවර පැවති ජන හමුවකට එක්වෙමිනුයි මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේ.

මේ අතර සියලුම පළාත් සභාවල මැතිවරණ එක් දිනයක පැවැත්වීම සඳහා වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20වන සංශෝධන පනත් කෙටුම්පත අද බස්නාහිර පළාත් සභාවට ඉදිරිපත් කෙරුණු අවස්ථාවේදී උණුසුම් තත්වයක් ඇතිවුණා.

පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය සභාව හමුවේ කියා සිටියේ මෙම මෙම පනත් කෙටුම්පත සම්බන්ධයෙන් සංශෝධන ඉදිරිපත් කළ යුතු බැවින් සති දෙකකට මෙම යෝජනාව ඉදිරිපත් කිරීම කල් දමන ලෙසයි.

ඊට ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් සිය විරෝධය පළ කිරීමත් සමග එහි උණුසුම් කාරී තත්වයක් ඇතිවුණා.

කෙසේ වෙතත් පසුව මෙම යෝජනාව කල් දැමීමට අදාළව ඡන්ද විමසීමක් පැවති අතර, ඒ අනුව වැඩි ඡුන්ද 10 කින් යෝජනාව කල් දැමීමට තීරණය කෙරුණා.