කොළඹ ආරක්ෂක සමුළුව ජනපති ප්‍රධානත්වයෙන් ඇරඹේ

Monday, 28 August 2017 - 13:29

%E0%B6%9A%E0%B7%9C%E0%B7%85%E0%B6%B9+%E0%B6%86%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%9A+%E0%B7%83%E0%B6%B8%E0%B7%94%E0%B7%85%E0%B7%94%E0%B7%80+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%87%E0%B6%BB%E0%B6%B9%E0%B7%9A
හත්වන වරටත් පැවැත්වෙන කොළඹ ආරක්ෂක සමුළුව බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී අද පෙරවරුවේ ආරම්භ වුණා.

ඒ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේ්නගේ ප්‍රධානත්වයෙන්.

"ප්‍රචන්ඩ අන්තවාදයට වැලැක්වීම සඳහා වන ගෝලීය ප්‍රවණතාවන්" යන්නයි මෙවර එහි තේමාවයි.

හෙට දිනයේත් මෙම සමුළුව පැවැත්වෙන අතර, විදේශීය රටවල් 35 නියෝජිතයන් මෙන්ම ත්‍රිවිධ හමුදා සාමාජිකයන් මෙම සමුළුව සඳහා එක්වනවා.

විදේශීය රටවල හමුදා සාමාජිකයන් 200 දෙනෙකු සහ මෙරට ත්‍රිවිධ හමුදා නියෝජිතයන් 600ක් සමුළුව සඳහා සහභාගි වන අතර ආරක්ෂක ක්‍ෂේත්‍රයට අදාළ විදේශීය විද්වතුන් 15 දෙනෙකු සහ දේශීය විද්වතුන් 12 දෙනෙකු මෙම සමුළුව ඇමතීමට නියමිතයි.

මෙවර කොළඹ ආරක්ෂක සමුළුවට සැම්බියාවේ යුද හමුදාපතිවරයා සහ සාක් රටවල හමුදා ප්‍රධානීන්ද සහභාගිවී සිටින බවයි එහි සිටින හිරු වාර්තාකරු සඳහන් කළේ.