ඉහළ පෙළේ ඇමරිකානු නියෝජිතවරියක් දිවයිනට

Monday, 28 August 2017 - 13:34

%E0%B6%89%E0%B7%84%E0%B7%85+%E0%B6%B4%E0%B7%99%E0%B7%85%E0%B7%9A+%E0%B6%87%E0%B6%B8%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B6%B1%E0%B7%94+%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%E0%B6%A2%E0%B7%92%E0%B6%AD%E0%B7%80%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%AF%E0%B7%92%E0%B7%80%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B6%A7
දකුණු හා මධ්‍යම ආසියා කටයුතු පිළිබඳ වැඩබලන ඇමරිකානු සහකාර රාජ්‍ය ලේකම්වරිය වන ඇලිස් වෙල්ස් සංචාරයක් සඳහා මේ මස 31 වනදා දිවයිනට පැමිණිමට නියමිතයි.

එදින කොළඹදී ඉන්දීය සාගර සමුළුව ආරම්භ වන අතර සැප්තැම්බර් මස පළමුවනදා ඇය එම සමුළුව ඇමතිමට නියමිත බවයි විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කළේ.

ඉන්දීයානු සාගර කලාපීය රටවල සාමය සංවර්ධනය සහ සෞභාග්‍යය පිළිබඳව මෙම සමුළුවේදී අවධානය යොමු කරනු ඇති.

ඇය දැනට ඇෆ්ගනිස්ථානය සහ පාකිස්ථානය සඳහා වන වැඩබලන විශේෂ නියෝජිතවරිය ලෙස ද කටයුතු කරනවා.

වැඩබලන ඇමරිකානු සහකාර ලේකම්වරිය මෙරට රැදි සිටින කාලය තුළදී රජයේ ඉහළ පෙළේ නිළධාරින් හමුවී සාකච්ඡා කිරීමටද නියමිතයි.