රසායන විද්‍යා ප්‍රශ්ණ පිටවීමේ සිද්ධියේ සැකකාර ගුරුවරයා අධිකරණයට භාර වෙයි

Monday, 28 August 2017 - 14:51

%E0%B6%BB%E0%B7%83%E0%B7%8F%E0%B6%BA%E0%B6%B1+%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%81%E0%B7%8A%E0%B6%AB+%E0%B6%B4%E0%B7%92%E0%B6%A7%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B7%9A+%E0%B7%83%E0%B7%92%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B7%83%E0%B7%90%E0%B6%9A%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB+%E0%B6%9C%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B7%8F+%E0%B6%85%E0%B6%B0%E0%B7%92%E0%B6%9A%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%E0%B6%A7+%E0%B6%B7%E0%B7%8F%E0%B6%BB+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
උසස් පෙළ විභාගයේ රසායනික විද්‍යා ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්නවලට සමාන අනුමාන ප්‍රශ්න ඇතුළත් අත් පත්‍රිකා බෙදා හැරීමේ චෝදනා එල්ල වූ උපකාරක පන්ති ගුරුවරයා අද දහවල් ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයට භාර වී තිබෙනවා.

නීතිඥවරයෙකු මාර්ගයෙන් මොහු අධිකරණයට භාර වී ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

අනතුරුව කරුණු සලකා බැලූ ගම්පහ ප්‍රධාන මහේස්ත්‍රාත් ඞී.ඒ. රුවන් පතිරණ නියෝග කළේ සැකකාර උපකාරක පන්ති ගුරුවරයා මේ මස 30 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසයි.  

සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට උසස් පෙළ සිසුවෙකු ඇතුළු 4 දෙනෙකු අත්අඩංගුවට ගෙන මේ මස 30 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා