Update : බෝට්ටු පැදීමට ගොස් අතුරුදන් වූ අනෙක් සිසුවාගේ සිරුරත් සොයාගනී - මියගිය සිසුන් 6 දෙනාගේ දේහයන් යාපනය රෝහලට (ඡායාරූප)

Monday, 28 August 2017 - 15:25

Update+%3A+%E0%B6%B6%E0%B7%9D%E0%B6%A7%E0%B7%8A%E0%B6%A7%E0%B7%94+%E0%B6%B4%E0%B7%90%E0%B6%AF%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%9C%E0%B7%9C%E0%B7%83%E0%B7%8A+%E0%B6%85%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%AF%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%96+%E0%B6%85%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%8A+%E0%B7%83%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B7%80%E0%B7%8F%E0%B6%9C%E0%B7%9A+%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B7%94%E0%B6%BB%E0%B6%AD%E0%B7%8A+%E0%B7%83%E0%B7%9C%E0%B6%BA%E0%B7%8F%E0%B6%9C%E0%B6%B1%E0%B7%93+-+%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B6%9C%E0%B7%92%E0%B6%BA+%E0%B7%83%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+6+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%8F%E0%B6%9C%E0%B7%9A+%E0%B6%AF%E0%B7%9A%E0%B7%84%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BA%E0%B7%8F%E0%B6%B4%E0%B6%B1%E0%B6%BA+%E0%B6%BB%E0%B7%9D%E0%B7%84%E0%B6%BD%E0%B6%A7+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
යාපනය - මණ්ඩතිව් දිවයිනට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ බෝට්ටු පැදීමට ගොස් දියේ ගිලී අතුරුදන් ව සිටි සිසුවාගේ දේහයද හමුවී තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ යාපනය නගරයේ පාසල් කිහිපයක සිසුන් 7 දෙනෙකු අද විභාගය අවසන් වී මණ්ඩතිව් ප්‍රදේශයට පැමිණ මුහුදේ බෝට්ටු පැදීමට ගොස් ඇති බවයි.

ඉන් සිසුන් 6 ක් දියේ ගිලීමෙන් අතුරුදන් වූ අතර ඉන් 5 දෙනෙකුගේ සිරුරු එම අවස්ථාවේ සොයාගත් අතර ඉන් එක් අයෙකුගේ සිරුර මීට සුළුමොහොතකට පෙර සොයාගෙන තිබෙනවා.

එහිදී එක් සිසුවෙකු පමණක් දිවි බේරාගෙන ඇති අතර, මිය ගිය සිසුන්ගේ දේහයන් මේ වන විට යාපනය රෝහල වෙත රැගෙන විත් ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

මෙලෙස පැමිණ ඇත්තේ යාපනය නල්ලූර්,කොක්කුවිල් හා උරම්පරායි ප්‍රදේශයන්ගේ පදිංචි මිතුරන් පිරිසක් බවටයි වාර්තා වන්නේ.

මෙම මිතුරන් අතරින් එක් අයෙකුගේ උපන්දින සාදයක් සඳහා ඔවුන් මෙලෙස දූපතකට ගමන්කිරීමට උත්සාහ කර ඇති බවයි මේ වනවිට හෙළිවී ඇත්තේ.

බෝට්ටුව අනතුරට පත්වන අවස්ථාවේ එක් සිසුවෙක් පීනා දිවිබේරාගෙන ඇති බවයි වාර්තා වන්නේ.

අතුරුදන් වූ සිසුවා අද දිනයේ සිය උපන්දිනය සිය මිතුරන් සමඟ සැමරීමට ගිය සිසුවා බවයි හෙළිවී ඇත්තේ.

මේ අතර ඔවුන් ගමන්කර ඇත්තේ නිසි ප්‍රමිතියකින් තොර බෝටුවකින් බවයි ප්‍රදේශවාසීන් ප්‍රකාශ කර ඇත්තේ.

(ඡායාරූප - රොමේෂ් මදුශංක / මාධව කුලසූරිය)

Update : Monday, August 28, 2017 16.18
-----------------------------------------------

යාපනය - මණ්ඩතිව් දිවයිනට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ බෝට්ටු පැදීමට ගිය මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටි සිසුන් 5 දෙනෙකු දියේ ගිලී ජීවිතක්ෂයට පත්වී එක් සිසුවෙක් අතුරුදන් වී තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ යාපනය නගරයේ පාසල් කිහිපයක සිසුන් 7 දෙනෙකු අද විභාගය අවසන් වී මණ්ඩතිව් ප්‍රදේශයට පැමිණ මුහුදේ බෝට්ටු පැදීමට ගොස් ඇති බවයි.

එම අවස්ථාවේදී බෝට්ටුව පෙරළී එම සිසුන් දියේ ගිලී ඇති බව සඳහන්.