ඡන්දයට කලින් ඒකාබද්ධ විපක්‍ෂයේ නායකයන් 10කට වෙන්න යන වැඩේ !

Monday, 28 August 2017 - 16:51

%E0%B6%A1%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B6%BA%E0%B6%A7+%E0%B6%9A%E0%B6%BD%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%92%E0%B6%9A%E0%B7%8F%E0%B6%B6%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0+%E0%B7%80%E0%B7%92%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B7%82%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+10%E0%B6%9A%E0%B6%A7+%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%BA%E0%B6%B1+%E0%B7%80%E0%B7%90%E0%B6%A9%E0%B7%9A+%21
නව අධිකරණ ඇමතිවරිය හරහා නීතිපති දෙපාර්තමේන්තුවට බලපෑම් කොට චෝදනා වරගන්වා ඉදිරිපත්කොට ඒකාබද්ධ විපක්‍ෂයේ නායකයන් 10 දෙනෙකු පමණ සිරගත කිරීමේ සැලැස්මක් ඇතැයි ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ පවසනවා.

ඊයේ(27) කෑගල්ල තැපැල් ශ්‍රවණාගාරයේදී පැවැති ‘සල්ලාල ආණ්ඩුව සහ කෙලෙසෙනා ලක්මව’ මහජන සම්මන්ත්‍රණ මාලාවේ නවවැන්නෙහි ප්‍රධාන දේශනය සිදු කරමින්ඔහු මේ බව කියා සිටියා.

එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ විමල් වීරවංශ මන්ත්‍රීවරයා

"2015 ජනවාරි 08 බල පෙරළියෙන් පස්සේ සතියේ ඉරිදා  පුවත්පතක මා ලබා දුන් සම්මුඛ සාකච්ඡුවක් පළව තිබුණා. එහි ශීර්ෂ පාඨය වූයේ ‘පැරදුණේ මහින්ද නොවෙයි රටයි’ යන්නයි. බල පෙරළිය සිදු වූ අවස්ථාවේ ඇතැමුන්ට එය තේරුම් ගියේ නැහැ. එහෙත් අද මා කියූ ඒ දෙය මුළු රටටම හොඳින් තේරුම් ගොස් තිබෙනවා. "

"ආර්ථික ඔස්තාර් කෙනෙක් හැටියට පෙනී හිටපු රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා දැන් රාජපක්‍ෂ ආණ්ඩුවේ ණය බර ගැන කියමින් රට වටේ යනවා. රාජපක්‍ෂ පාලනය යටතේ සියලූ සමාජ-ආර්ථික දර්ශකයන් වසරින් වසර ඉහළ ගියා. මේ මූසල දෙවසර තුළ ඒ තත්වය කණපිට හරවා තිබෙනවා. දැන් බලන්න, ලෝකයේ ණය බර වැඩිම රට කුමක්ද? කියලා. ඇමෙරිකා එක්සත් ජනපදයයි. ඒත් වික්‍රමසිංහ මහත්තයෝ බලන්න, ඔයා වගේ ඇමෙරිකාවේ දැන් ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් හිටපු ජනාධිපති බැරක් ඔබාමාට ‘ණය බර’ ගැන කියමින් දොස් තබමින් රට වටේ යනවාද, කියලා. "

"බැඳුම්කර හොරකමින් ඔළුව උස්සපු එජාප මැතිඇමතිවරු අද එතැනින් නතර වෙලා නැහැ. පාන්පිටි, කිරිපිටි ආදිය ගෙන්වන බහුජාතික සමාගම්වලට මේ අය වාර්ෂිකව ඩොලර් බිලියන 300ක් බදු සහන දෙනවා. බදු සහන දුන්නා කියලා පාන්පිටි, කිරිපිටි හා ඒ ආශ්‍රිත නිෂ්පාදනවල මිල අඩු වී නැහැ. නමුත් මේ බදු සහන දීමෙන් ඇතැම් ඇමතිවරු කෝටි ගණනින් කොමිස්  ගහනවා. ඒ විතරක් නොවෙයි ජාතික සම්පත්, රාජ්‍ය ව්‍යවසායන් විකිණීමත් දැන් මේ ආණ්ඩුව අරඹලා තිබෙනවා, මේ විකිණිීමෙනුත් මේ අය අද හොඳට ගරනවා. "

"රනිල් හාමුගෙන් හා  මලික් සහෝදරයාගෙන් අවසර අරගෙන අද රතු අලි පැටියා මේ ආණ්ඩුවට මාත්‍රා ගණනට ප්‍රහාරයක් එල්ල කරනවා. හංසයාට කතිරය ගහන්න කියලා මේ බල පෙරළියට පාර කපලා රටම වළපල්ලට ඇද ගෙන යන්න දායක වුණු තමන්ට තවදුරටත් ජනතාව රවටන්න බැහැ කියලා ඒ අය දන්නවා. ඒකයි රතු අලිපැටියා දැන් දිව දෙකේ කතා කියන්නේ. මීට වසර දෙකහමාරකට පෙර ‘හම්බන්තොට වරාය කියන්නේ, ‘රාජපක්‍ෂ පුත්තුන්ට නාන්න හදපු ස්වීමිං පූල් එකක්’ කියලා කියපු රතු අලිපැටියා අද ඒ කටින්ම කියනවා, ‘හම්බන්තොට වරාය කියන්නේ මිල කළ නොහැකි ජාතික සම්පතක්’ කියලා. අද කෑගල්ලට ඇවිල්ලත් මේ විදියට ජනතාව රවටන්න හදාවි. මේ අයට ඉදිරි මැතිවරණවලදී ජනතාව නිසි පිළිතුරු දේවි. "

"දැන් නියඟයට මාස 10කට වැඩියි. ජනාධිපති සහ කෘෂිකර්ම ඇමති දෙන්නම ‘රජරට පුත්තු’. ඒත් අද වන තෙක් නියඟයෙන් විපතට පත් වූවන්ට කිසිදු සහනයක් ලබා දී නැහැ. අද මේ රටේ ජනතාව අසරණ වෙලා එවැනි උත්තර නැති ප්‍රශ්නවැලක ගිලිලා ඉන්නේ. එහෙම ඉන්න අයට ‘සරුංගලයකුත් ඇති මිනී මරා ගන්න. "

"උතුරේ නීතිවිරෝධී වැලි ජාවාරම්කරුවන්ට වෙඩි තැබීමේ චෝදනාවට පොලිස් නිලධාරී මහතකු හිරේ යවා තිබෙනවා. ‘නීතිය ක්‍රියාත්මක කරලා හිරේ යනවාද? මැරයන්ගේ පිහි පාර කාලා ඉස්පිරිතාලේ යනවාද?’ කියන දෙකෙන් එකක් තෝරා ගැනීමට අද උතුරේ ආරක්‍ෂක අංශ නිලධාරීන්ට සිදු තිබෙනවා. එක පැත්තකින් ඒ විදියට ජාතික ආරක්‍ෂාව බිල්ලට දෙන ගමන් අනෙක් පැත්තෙන් රජයේ රූපවාහිනී නාලිකාවලින් සමලිංගික චිත්‍රපට පෙන්වනවා, සමලිංගික සේවනය ප්‍රවර්ධනය කරනවා. පුද්ගලයන්ගේ අසම්මත චර්යාවන් පසුපස යාමට අපට අවශ්‍ය නැහැ. නමුත් අද මේ සිදුවන්නේ අසම්මතය බලහත්කාරයෙන් සම්මතය බවට පත් කිරීමයි. ඒකට ඉඩ දී නිහ`ඩව සිටීමට අපි සූදානම් නැහැ. "

"කතරගම දෙවියො අත්තටම වැඩකාරයෙක් ද?’ කියා පෙන්වීමට දැන් උන්වහන්සේට වෙලාව ඇවිත් තිබෙනවා. කතරගම දේවාලයේ බස්නායක නිලමේ තනතුරු දරන ජනාධිපති සිරිසේන මහතාගේ ඥාති සොහොයුරෙකු වන ඞී. පී. කුමාරගේ මහතා පසුගිය දිනයක කතරගම දේවාලයේ යතුර කපු මහතුන්ගෙන් පැහැර ගෙන ගිය නිසා කතරගම දෙවියන්ට උදෑසන පූජාව අහිමි වුණා. මේ ක්‍රියාවට එරෙහිව පියවර ගන්න දැන් කතරගම දෙයවින්ට අවස්ථාව ලැබී තිබෙනවා. ඒ දෙස අපි බලා සිටිනවා. "

"ඒකාබද්ධ විපක්‍ෂය විසින් අල්ලස් හා දූෂණ චෝදනා එල්ල කරපු ‘ටෝප් 10’ අතර සිටින ‘තලතා දේවියටයි’ දැන් අධිකරණ ඇමති ධුරය ලැබී ඇත්තේ. ඒ නිසා අල්ලස් හෝ දූ ෂණ චෝදනා විමර්ශන කොමිසමෙන් ඇයට විරුද්ධව නඩු පැවරීමක්් සිදු නොවේවි. ඊට නීතිපති උපදෙස් නොලැබේවි. ඇය එස ඇමති ධුරයට පත් කරන්නේ නීතිපති දෙපාර්තමේන්තුවට බලපෑම් කර ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ගේ නඩු යටපත් කිරීමටත්, ඒකාබද්ධ විපක්‍ෂයේ මන්ත්‍රීවරුන්ට චෝදනා වරගන්වා ඉදිරිපත්කර නීතිපති දෙපාර්තමේන්තුව ලවා ඔවුන්ට නඩු පැවරීමටත්. මේ ආකාරයට පළාත් පාලන මැතිවරණයට පෙර ඒකාබද්ධ විපක්‍ෂයේ නායකයන් 10 දෙනෙකු සිරගත කිරීමට නව අධිකරණ ඇමතිවරිය භාරගෙන තිබෙන බව අපිට දැන ගැනීමට ලැබී තිබෙනවා. "

"මේ සියල්ලට දිය හැකි හොඳම පිළිතුර එළඹෙන පළාත් පාලන මැතිවරණයේදී ඒකාබද්ධ විපක්‍ෂය නියෝජනය කරන පිල ඉහළින්ම ඔසවා තැබීමයි. භාණ්ඩ කිහිපයකට බදු සහන දීලා ඉදිරි අය - වැයේදී ජනතාවගේ ඔළුව අත ගෑමට මේ ආණ්ඩුව කටයුතු කරාවි. නමුත් ඔළුවේ අං මෝදු වී ඇති අතලොස්සක් හැර බහුතර ජනතාව ඊට නොරැවටෙන බව අපට විශ්වාසයි.’’