කතරගම කපු මහතුන් පොලිස් මූලස්ථානයට

Monday, 28 August 2017 - 19:05

%E0%B6%9A%E0%B6%AD%E0%B6%BB%E0%B6%9C%E0%B6%B8+%E0%B6%9A%E0%B6%B4%E0%B7%94+%E0%B6%B8%E0%B7%84%E0%B6%AD%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%8A+%E0%B6%B8%E0%B7%96%E0%B6%BD%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B6%A7
කතරගම දේවාලයේ කපු මහතුන් අද පොලිස් මූලස්ථානයට පැමිණියා.

ඒ, පසුගියදා දේවාලයේ අර්බුදය ඇති වූ අවස්ථාවේදී කතරගම පොලිසිය ඒකපාර්ශවික ලෙස කටයුතු කර ඇති බවට පැමිණිල්ලක් ඉදිරිපත් කිරීම සඳහායි.

පසුගිය 22 වැනිදා කතරගම දේවාලයේ බස්නායක නිලමේවරයා සහ දේවාලයේ කපු මහතුන් අතර යතුරු ගැටලූවක් මුල් කර ගනිමින් හට ගත් අර්බුදය පිළිබඳව සොයා බැලීම සඳහා අද දෙපාර්ශවයම කොළඹට කැඳවා තිබුණා.

එහිදී අර්බුදය සම්බන්ධයෙන් දෙපාර්ශවයම එකඟතාවකට පැමිණි බවයි බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් නිමල් කොටවෙලගෙදර හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.