2020 වසරේදී ආණ්ඩු බලය ලබාගැනීමට තම පක්ෂය සූදානම් - JVP

Monday, 28 August 2017 - 20:27

2020+%E0%B7%80%E0%B7%83%E0%B6%BB%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B6%86%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%94+%E0%B6%B6%E0%B6%BD%E0%B6%BA+%E0%B6%BD%E0%B6%B6%E0%B7%8F%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%AD%E0%B6%B8+%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%BA+%E0%B7%83%E0%B7%96%E0%B6%AF%E0%B7%8F%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A+-+JVP
2020 වසරේදී ආණ්ඩු බලය ලබාගැනීමට තම පක්ෂය සූදානම් බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසනවා.

මාවනැල්ල ප්‍රදේශයේ පැවති පාක්ෂිකයින් දැනුවත් කිරීමේ වැඩසටහනකට එක්වෙමින් ඔහු මේ අදහස් පළ කළා.

- අනුර කුමාර දිසානායක

- ශ්‍රී ලංකා, යූ.එන්.පී. පාක්ෂිකයන්ගේ ප්‍රාර්ථනාව නරක නැහැ. නරක නායකයන්ගේ ප්‍රාර්ථනාව. ජනතාව දෙනව හොරකම් කරන්න එපා කියලා. රවිය හොරකම් කරනවා. ජනතාව දෙනවා සෞඛ්‍යහදපන් කියලා. රාජිත සිංගප්පූරු යනවා බෙහෙත් ගන්න. ඔන්න වැඩේ. කෝප් සභාවේ පරීක්ෂණ දියත් කරනකොට, අර්ජුන් මහේන්ද්‍රන්ගේ ආරක්ෂාව වෙනුවෙන් පෙනී සිටියේ හර්ෂ ද සිල්වා, අජිත් පී. පෙරේරා, සුජීව සේනසිංහ කාගේ උපදෙස් මතද? බැඳුම්කර ගනුදෙනුවේ ආරක්ෂකයා කවුද? විජේදාස රාජපක්ෂ විතරද දූෂිතයන්ගේ ආරක්ෂකයා. මහින්දානන්ද අලුත්ගමගේ මහා වංචාවක් පිළිබඳව අත්අඩංගුවට ගැනීමට නියමිතව තිබියදී FCID එකට කතා කරලා අත්අඩංගුවට ගැනීම වැළැක්වුවේ කවුද? අපි දන්නවා වැළැක්වුවේ කවුද කියලා. 300 කට වැඩි ප්‍රමාණයක් මියගියා. ලක්ෂයකට වැඩිය ප්‍රමාණයකට ඩෙංගු හැදුණා. රාජිත සේනාරත්න දැවැන්ත විප්ලවීය තීරණයක් ගත්තා. මොකක්ද රාජිත චක්‍රලේඛයක් නිකුත් කළා ඩෙංගු හැදිලා මැරෙන ගාන කියන්න එපා. ඩෙංගු හැදෙන ගාන කියන්න එපා මදුරුවාට ඇහෙනවා. ඌ ඇහුණ ගමන් විදිනවා. තව මදි කියලා. ශිරන්ති රාජපක්ෂ තාජුඩීන්ගේ ඝාතනය පිළිබඳ පාවිච්චි කරන ලද වාහනය පිළිබඳ වැදගත් සාධක පිළිබඳව පරීක්ෂණ සඳහා CID එකට කැඳවනකොට ගිහිල්ලා බැනර් අල්ලනවා ජාතියේ අම්මා කියලා. මම මේ හොය හොය ඉන්නේ මොන ජාතියෙද කියලා. අපි තමුන්නාන්සේලාට එක සහතිකයක් දෙනවා. අපි ඔක්කොම එකතුවෙල ආණ්ඩුවක් හදමු. මොකක් වෙනුවෙන්ද? අපේ ආණ්ඩුවක් යටතේ මේ රටේ පොදු ජනතාවට ලැබෙන දේට වඩා අමතර කිසිවක් පාලකයන්ට ලැබෙන්නේ නැත. සහතිකයි. සමහර අය හිතනවා මහින්ද මහත්තයා අප්සට් වුණාට ගෝඨාභය ගෙනාවොත් හරියයි වගේ. සජිත් හොඳවෙයි වගේ. ගෙනල්ල බලන්න. අපි 2020ට වැඩ පිළිවෙළක් හදලා තියෙනවා. බලය ගන්න අපි සූදානම්. මේ රට ගොඩනගන්න පුළුවන් දැවැන්තම බලවේගය එක්ක තමයි 2020 දී සටනට සූදානම් වෙන්නේ.