මත්ද්‍රව්‍ය ගුලි ගිල මෙරටට පැමිණි පාකිස්ථාන ජාතිකයෙකු අත්අඩංගුවට

Tuesday, 29 August 2017 - 7:11

%E0%B6%B8%E0%B6%AD%E0%B7%8A%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%80%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%9C%E0%B7%94%E0%B6%BD%E0%B7%92+%E0%B6%9C%E0%B7%92%E0%B6%BD+%E0%B6%B8%E0%B7%99%E0%B6%BB%E0%B6%A7%E0%B6%A7+%E0%B6%B4%E0%B7%90%E0%B6%B8%E0%B7%92%E0%B6%AB%E0%B7%92+%E0%B6%B4%E0%B7%8F%E0%B6%9A%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B6%B1+%E0%B6%A2%E0%B7%8F%E0%B6%AD%E0%B7%92%E0%B6%9A%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
හෙරොයින් මත්ද්‍රව්‍ය ගුලි ගිලදමා මෙරටට පැමිණි පාකිස්ථාන ජාතිකයෙකු ඊයේ සවස කටුනායක ගුවන් තොටුපලේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගත් පුද්ගලයා පාකිස්ථානයේ ලාහෝර් නුවර සිට පැමිණි 37 හැවිරිදි අයෙක් බවයි වාර්තා වන්නේ.

අදාල පුද්ගලයා පිළිබඳව සැකසිතී  ගුවන් තොටුපල පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන සිදුකරන ලද ප්‍රශ්න කිරීම් වලදී මේ බව අනාවරණය කරගෙන තිබෙනවා.

පසුව සැකකරු මීගමුව මහ රෝහල වෙත ඇතුලත් කර ඇති අතර එහිදී වෛද්‍යවරුන් විසින් විරේක ඖෂධ ලබාදී ගිලින ලද මත්ද්‍රව්‍ය ගුලි 21ක් මේ වනවිට ශරීරයෙන් පිටටට ගෙන ඇති බව සඳහන්.

සැකකරුගේ ආමාශය තුල ගිලන ලද තවත් මත්ද්‍රව්‍ය ගුලි ඇති බවට සැකකෙරෙන අතර පොලිස් ආරක්ෂාව යටතේ ඔහු මිගමුව රෝහලේ නේවාසිකව සිටින බවයි පොලිසිය පවසන්නේ.

මේ අතර, රුපියල් හත්ලක්ෂ 29,000ක් වටිනා කොතල හිඹුටු වලින් තැනූ බඳුන් 65ක් සහ කිලෝග්‍රෑම් 40.4ක් බරැති කොතල හිඹුටු කැබලි තොගයක් නීතිවිරෝධී ලෙස රැගෙන යාමට උත්සාහ කළ චීන ජාතිකයින් දෙදෙනෙකු ද කටුනායක ගුවන් තොටුපළේදී ඊයේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අදාළ කොතල හිඹුටු තොගය රාජසන්තක කෙරුණු අතර, චීන ජාතිකයින් දෙදෙනාට රුපියල් 25,000 බැගින් දඩ මුදල් ද නියම කරනු ලැබූ බවයි ගුවන් තොටුපළ නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ පරාක්‍රම බස්නායක සඳහන් කළේ.