20ට එරෙහිව ඒකාබද්ධ විපක්ෂයෙන් පෙත්සම් 07ක්

Tuesday, 29 August 2017 - 7:20

20%E0%B6%A7+%E0%B6%91%E0%B6%BB%E0%B7%99%E0%B7%84%E0%B7%92%E0%B7%80+%E0%B6%92%E0%B6%9A%E0%B7%8F%E0%B6%B6%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0+%E0%B7%80%E0%B7%92%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%99%E0%B6%AD%E0%B7%8A%E0%B7%83%E0%B6%B8%E0%B7%8A+07%E0%B6%9A%E0%B7%8A
20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව ඒකාබද්ධ විපක්ෂයෙන් පමණක් පෙත්සම් 07ක් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම පවසනවා.

මේ වන විටත්, ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පක්ෂ දෙකකින් ඊට එරෙහි පෙත්සම් ඉදිරිපත් කර ඇති බවයි ඔහු සඳහන් කළේ.

ඊයේ දිනයේදී තමන් ද 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව පෙත්සමක් ගොනු කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියා.

එමෙන්ම පැෆ්රල් සංවිධානය සහ විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය විසින් ද 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව පෙත්සම් ගොනු කර තිබෙනවා.

මේ අතර, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 වන සංශෝධනය පළාත් සභාවට ඉදිරිපත් කිරීම කල් දැමීම සඳහා වන යෝජනාව බස්නාහිර පළාත් සභාවේදී ඊයේ සම්මත වූයේ ද උණුසුම් තත්වයක් පැන නැගීමෙන් අනතුරුවයි.

එමෙන්ම සබරගමුව පළාත් සභාවට ද ඊයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 වන සංශෝධනය ඉදිරිපත් කළත් එය විවාදයට ගැනීම කල් තැබීමට සභාපතිවරයා පියවර ගෙන තිබුණා.