උපන් දිනය සැමරීමට ගිය උසස් පෙළ සිසුන් 06 දෙනා බිළිගත්, අනතුරට හේතු හෙළිවේ (ඡායාරූප)

Tuesday, 29 August 2017 - 7:30

%E0%B6%8B%E0%B6%B4%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B7%92%E0%B6%B1%E0%B6%BA+%E0%B7%83%E0%B7%90%E0%B6%B8%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%9C%E0%B7%92%E0%B6%BA+%E0%B6%8B%E0%B7%83%E0%B7%83%E0%B7%8A+%E0%B6%B4%E0%B7%99%E0%B7%85+%E0%B7%83%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+06+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%8F+%E0%B6%B6%E0%B7%92%E0%B7%85%E0%B7%92%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A%2C+%E0%B6%85%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B6%A7+%E0%B7%84%E0%B7%9A%E0%B6%AD%E0%B7%94+%E0%B7%84%E0%B7%99%E0%B7%85%E0%B7%92%E0%B7%80%E0%B7%9A+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
යාපනය - කයිට්ස් - එළිතිව් ජැටිය ආසන්න කලපුවේ දී මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටි සිසුන් 06 දෙනෙකු ජීවිතක්ෂයට පත්වීමට හේතු වූයේ බීමත්ව සිටීම සහ ඔවුන් ගමන් කළ තෙප්පම නිසි ප්‍රමිතියෙන් තොරවීම බව අනාවරණ වී තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ උසස් පෙළ විභාගය නිම වූ යාපනය නගරයේ පාසල් කිහිපයක සිසුන් 07 දෙනෙකු උපන් දිනය සැමරීමේ සාදයක් සඳහා කලපුව ආසන්නයට පැමිණ ඇති බවයි.

එම අවස්ථාවේදී ඔවුන් තෙප්පමට නැගීමට පෙර මත්පැන් ද පානය කර ඇති බවට පොලිස් පරීක්ෂණවලදී අනාවරණ වී තිබෙනවා.

එමෙන්ම ඔවුන් කලපුවේ ගමන් කළ තෙප්පම ද යාත්‍රා කිරීමට යෝග්‍ය නොවන අන්දමේ නිසි ප්‍රමිතියෙන් තොර එකක් බවයි පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේ.

මිය ගිය සිසුන් යාපනය ප්‍රදේශයේම පදිංචි 19 සහ 20 වයස් කාණ්ඩවල පසුවන්නන්.






ඡායාරූප - වව්නියාව, මාධව කුලසූරිය