කලටුවාව ජල නළය යථා තත්වයට

Tuesday, 29 August 2017 - 9:24

%E0%B6%9A%E0%B6%BD%E0%B6%A7%E0%B7%94%E0%B7%80%E0%B7%8F%E0%B7%80+%E0%B6%A2%E0%B6%BD+%E0%B6%B1%E0%B7%85%E0%B6%BA+%E0%B6%BA%E0%B6%AE%E0%B7%8F+%E0%B6%AD%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B6%BA%E0%B6%A7
පාදුක්ක - කලටුවාව ජලාශයෙන් ජලය බෙදාහරින ප්‍රධාන නළ මාර්ගයේ ඇතිවූ හදිසි බිඳවැටීම මේ වන විට යථා තත්වයට පත් කර තිබෙනවා.

මේ නිසා ඊයේ සිට බොරලැස්ගමුව, මහරගම, කොට්ටාව, පන්නිපිටිය, රුක්මල්ගම, පැලැන්වත්ත, මත්තේගොඩ, හෝමාගම, මීපේ සහ පාදුක්ක යන ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවීමට සිදුවුණා.

කෙසේ වෙතත්, අද අලුයම සිට යළි ජල සැපයුම යථා තත්ත්වයට පත් කර ඇති බවයි ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කළේ.

හදිසි බිඳ වැටීමට ලක්වූ එම ප්‍රධාන ජල නළය අවුරුදු 60කට වඩා පැරණි බවටයි වාර්තා වන්නේ.