එල්.ටී.ටී.ඊය සැඟවූ රත්රන් සොයන යන්ත්‍රයක් උතුරෙන් අත්අඩංගුවට

Tuesday, 29 August 2017 - 9:41

%E0%B6%91%E0%B6%BD%E0%B7%8A.%E0%B6%A7%E0%B7%93.%E0%B6%A7%E0%B7%93.%E0%B6%8A%E0%B6%BA+%E0%B7%83%E0%B7%90%E0%B6%9F%E0%B7%80%E0%B7%96+%E0%B6%BB%E0%B6%AD%E0%B7%8A%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B7%9C%E0%B6%BA%E0%B6%B1+%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%8B%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
පොළොව යට පවතින ලෝහ සෙවීම සඳහා භාවිත කරන ස්කෑනර් යන්ත්‍රයක් සමඟ සැකකරුවෙකු වවුනියාව, අවුසදපිටින ප්‍රදේශයේදී ඊයේ (28) රාත්‍රියේදී අත්අඩංගුවට ගත් බව වවුනියාව ඊරට්ටපෙරියකුලම පොලිසිය පවසනවා.

ඊරට්ටපෙරියකුලම පොලිසිය පැවසූවේ සැකකටයුතු වෑන් රථයක් පරීක්ෂා කිරීෙමිදී අදාළ ස්කෑනර් යන්ත්‍රය සොයා ගැනීමට හැකිවු බවයි.

සොයාගත් ස්කෑනර් යන්ත්‍රයට සමාන ආකාරයේ  ස්කෑනර් යන්ත්‍ර යොදා ගනිමින් එල්.ටී.ටී.ඊ සංවිධානය අවසන් යුද සමයේ සැඟවු බවට සැකකරන රත්රත් හා නිධන් සෙවීමට පසුගිය සමයේ කිහිපදෙනෙකු උත්සහ ගැනීෙමිදී පොලිසිය විසින් අත්අඩංගුවට ගත්තා.

සොයාගත් ස්කෑනර් යන්ත්‍රය ජර්මනියේ නිෂ්පාදිත යන්ත්‍රයක් වන බවද පොලිසිය අනාවරණය කරගෙන තිබෙනවා.

අදාළ යන්ත්‍රය සමඟ දඹුල්ල ප්‍රදේශයේ පදිංචි 32 හැවිරිදි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර,සැකකරු හා අත්අඩංගුවට ගත් උපකරණ අද (29) වවුනියාව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.