කොග්ගල දී තරුණයෙකු ඝාතනය කෙරේ

Tuesday, 29 August 2017 - 10:23

%E0%B6%9A%E0%B7%9C%E0%B6%9C%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD+%E0%B6%AF%E0%B7%93+%E0%B6%AD%E0%B6%BB%E0%B7%94%E0%B6%AB%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%9D%E0%B7%8F%E0%B6%AD%E0%B6%B1%E0%B6%BA+%E0%B6%9A%E0%B7%99%E0%B6%BB%E0%B7%9A
හබරාදූව - කොග්ගල - පාලම අසළ නිවසක් තුළ දී මුගුරකින් පහර දී තරුණයෙකු ඝාතනය කර තිබෙනවා.

ඊයේ රාත්‍රියේ මොහු තම ඥාති පුද්ගලයෙකු සමඟ බීමත්ව සිටියදී ඇති වූ ආරවුලක් දුරදිග යාමෙන් මෙම ඝාතනය සිදුව ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

මෙලෙස ඝාතනයට ලක්වී ඇත්තේ 24 හැවිරිදි එම ප්‍රදේශයේම පදිංචි තරුණයෙක්.

ඝාතනය සිදුකළ පුද්ගලයා අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.