මරදානේදී ත්‍රිරෝද රථයකට වෙඩි - තුවාල ලැබූ දෙදෙනෙකු කොළඹ ජාතික රෝහලට

Tuesday, 29 August 2017 - 10:53

%E0%B6%B8%E0%B6%BB%E0%B6%AF%E0%B7%8F%E0%B6%B1%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%BB%E0%B7%9D%E0%B6%AF+%E0%B6%BB%E0%B6%AE%E0%B6%BA%E0%B6%9A%E0%B6%A7+%E0%B7%80%E0%B7%99%E0%B6%A9%E0%B7%92+-+%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B7%8F%E0%B6%BD+%E0%B6%BD%E0%B7%90%E0%B6%B6%E0%B7%96+%E0%B6%AF%E0%B7%99%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%9A%E0%B7%9C%E0%B7%85%E0%B6%B9+%E0%B6%A2%E0%B7%8F%E0%B6%AD%E0%B7%92%E0%B6%9A+%E0%B6%BB%E0%B7%9D%E0%B7%84%E0%B6%BD%E0%B6%A7
මරදාන ප්‍රදේශයේදී අද උදෑසන, ත්‍රිරෝද රථයකට යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු සිදුකළ වෙඩි තැබීමකින් ත්‍රිරෝද රථයේ ගමන් ගත් පුද්ගලයන් දෙදෙනෙකු තුවාල ලබා තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරී රුවන් ගුණසේකර සඳහන් කළේ තුවාල ලැබූවන් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති බවයි.

මෙලෙස වෙඩි වැදී ඇත්තේ වයස අවුරුදු 20, 26ත් අතර පසුවන තරුණයන් දෙදෙනෙකුට බවයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේ.  

ඔවුන් නඩු කටයුත්තක් සඳහා අධිකරණයට යමින් සිටියදී මෙම වෙඩි තැබීම සිදුව ඇති බව සඳහන්.

ටී - 56 ගිනි අවියකින් මෙම වෙඩි තැබීම සිදුව ඇති අතර, ඔවුන්ගේ උදර ප්‍රදේශවලට එමගින් තුවාල සිදුව ඇති බව සඳහන්.

පෞද්ගලික ආරවුලක් මෙම වෙඩි තැබීමට හේතු වී ඇති බවට පොලීසිය සැක පළ කරනවා.