ශ්‍රී.ල.නි.ප සභාපතිකමට මහින්ද පත් කරන්නැයි ඉල්ලූ පෙත්සමට අද ලැබුන නියෝගය

Tuesday, 29 August 2017 - 11:07

%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93.%E0%B6%BD.%E0%B6%B1%E0%B7%92.%E0%B6%B4+%E0%B7%83%E0%B6%B7%E0%B7%8F%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B6%9A%E0%B6%B8%E0%B6%A7+%E0%B6%B8%E0%B7%84%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF+%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%90%E0%B6%BA%E0%B7%92+%E0%B6%89%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%96+%E0%B6%B4%E0%B7%99%E0%B6%AD%E0%B7%8A%E0%B7%83%E0%B6%B8%E0%B6%A7+%E0%B6%85%E0%B6%AF+%E0%B6%BD%E0%B7%90%E0%B6%B6%E0%B7%94%E0%B6%B1+%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%E0%B6%9C%E0%B6%BA
ජනපති මෛත්‍රිපාල සිරිසේන ශ්‍රීලනිප සභාපති ධුරයෙන් ඉවත් කර හිටපු ජනපති මහින්ද රාජපක්ෂ , එම ධුරයට පත් කරන්නැයි ඉල්ලා ගොනු කළ පෙත්සමේ වගඋත්තරකරුවන්ගේ මුලික විරෝධතා ගැන ලිඛිත දේශන ලබන සැප්තැම්බර් 04 වන දා ගොනු කරන්නැයි කොළඹ ප්‍රධාන දිසා විනිසුරුවරයා අද (29) නියෝග කළා.

ශ්‍රීලනිප සමස්ත ලංකා කාරක සභාවේ සාමාජිකයන් දෙදෙනෙකු වන බොරලැස්ගමුව නගර සභාවේ හිටපු සභාපති අරුණ ප්‍රියශාන්ත හා අසංක ශ්‍රීනාත් මෙම පෙත්සම ගොනු කර තිබෙනවා.

මේ අතර පසුගියදා පැවති මාධ්‍ය හමුවක් අතරතුර හිටපු ජනාධිපතිවරයා විසින් සඳහන් කළේ තවමත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා තමන් බවයි.

එම අවස්ථාව පහතින්.