දකුණු පළාත් සභාව තුල, විස්ස පරදී - සෙංකෝලයත් 03ට කැඩේ

Tuesday, 29 August 2017 - 11:38

%E0%B6%AF%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%94+%E0%B6%B4%E0%B7%85%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A+%E0%B7%83%E0%B6%B7%E0%B7%8F%E0%B7%80+%E0%B6%AD%E0%B7%94%E0%B6%BD%2C+%E0%B7%80%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B7%83+%E0%B6%B4%E0%B6%BB%E0%B6%AF%E0%B7%93+-+%E0%B7%83%E0%B7%99%E0%B6%82%E0%B6%9A%E0%B7%9D%E0%B6%BD%E0%B6%BA%E0%B6%AD%E0%B7%8A+03%E0%B6%A7+%E0%B6%9A%E0%B7%90%E0%B6%A9%E0%B7%9A
දකුණු පළාත් සභාවට අද ඉදිරිපත් කෙරුණු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 වන සංශෝධන පනත් කෙටුම්පත දැඩි උණුසුම්කාරී තත්ත්වයක් මධ්‍යයේ වැඩි ඡන්දයෙන් පරාජයට පත්වුණා.

පනත් කෙටුම්පතට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන නිදහස් සන්ධාන මන්ත්‍රීවරු 27 දෙනෙකු ඡුන්දය භාවිත කළ අතර, පළාත් ප්‍රධාන අමාත්‍ය ශාන් විජේලාල් ද සිල්වා ඇතුළු එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් ඡන්දය විමසන අවස්ථාවේ සභා ගර්භයේ රැඳී සිටියේ නැහැ.

දකුණු පළාත් සභාව විශේෂ පළාත් සභා සැසිවාරයක් ලෙසයි අද ආරම්භ වුණේ. එ

හිදී පළාත් ආණ්ඩුකාරවරයා විසින් සැප්තැම්බර් 12 වනදා දක්වා සභාව කල්දැමීමේ ලිපියක් එවා තිබූ අතර, එය පළාත් ප්‍රධාන අමාත්‍ය ශාන් විජේලාල් ද සිල්වා විසින් සභාවට ඉදිරිපත් කළා.

ඊට ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් විරෝධය පළ කළ අතර, එහිදී ඇතිවුණේ උණුසුම් තත්ත්වයක්.

පසුව එක්සත් ජාතික පක්ෂ දකුණු පළාත් සභා මන්ත්‍රී චන්දන ප්‍රියන්ත සෙංකෝලය රැගෙන දිවයාමත් සමඟ ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් ඔහු පසුපස හඹාගොස් පොරබදා සෙංකෝලය යළි ලබාගෙන තිබුණා.

එහිදී ගුටි බැට හුවමාරුවක් සමග පොරබැඳීමක්ද සිදුවුණු බවයි අප වාර්තාකරු ප්‍රකාශ කළේ.

ගැටුමේදී එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් වන චන්දන ප්‍රියන්තට සහ නිහාල් වෙදආරච්චිට සුළු තුවාල සිදුවී ඇති අතර, එහිදී ඇතිවූ උණුසුම් තත්ත්වයක්ද ඇතිවුණා.

පසුව පැවති ඡන්ද විමසීමේදී පනත් කෙටුම්පත පරාජයට පත්වුණේ ඡන්ද 27 කින්.