බස් මංතීරු වැඩසටහන සවස් කාලයටත් (ඡායාරූප)

Tuesday, 29 August 2017 - 11:54

%E0%B6%B6%E0%B7%83%E0%B7%8A+%E0%B6%B8%E0%B6%82%E0%B6%AD%E0%B7%93%E0%B6%BB%E0%B7%94+%E0%B7%80%E0%B7%90%E0%B6%A9%E0%B7%83%E0%B6%A7%E0%B7%84%E0%B6%B1+%E0%B7%83%E0%B7%80%E0%B7%83%E0%B7%8A+%E0%B6%9A%E0%B7%8F%E0%B6%BD%E0%B6%BA%E0%B6%A7%E0%B6%AD%E0%B7%8A+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
අද (29) සවස් කාලයේ දී (සවස 4.00 සිට රාත්‍රි 7.00 දක්වා)  කොළඹ නිදහස් මාවතේ සිට තුම්මුල්ල මංසන්දිය දක්වා ද බස් මංතීරු වැඩසටහන ද ආරම්භ කෙරෙන බව මෙගාපොලිස් හා බස්නාහිර සංවර්ධන අමාත්‍යංශය පවසනවා.

මෙරට වැඩිම මාර්ග තදබදයක් තිබෙන මාළබේ  සිට පිටකොටුව දක්වා වූ මාර්ගයේ අද (29)දින සිට පොල්දූව පාලමේ සිට බොරැල්ල දක්වා බස් මංතීරු ක්‍රමය උදෑසන 6 සිට 9 දක්වා ක්‍රියාත්මක කරනු ලබන බව ඇමති පාඨලී චම්පික සඳහන් කළා.

බොරැල්ල මරදාන මාර්ගය මේවන විට පිළසකර කරමින් පවතින අතර නොවැම්බර් මසයේදී, බොරැල්ලේ සිට මරදාන දක්වා උදෑසන 6 සිට 9 වන තෙක් ස්ථාවර බස් මංතීරුවක් ආරම්භ කිරීමට කටයුතු කරන බවත් ඔහු සඳහන් කළා.

බස් ප්‍රමුඛතා මංතිරු වැඩසටහනේ අද (29)  උදේ 6.00 ට ආරම්භ වූ පොල්දුව මංසන්ධිය (දියත උයන) සිට ආයුර්වේද මංසන්ධිය දක්වා අවස්ථාවට අමාත්‍ය පාඨලී චම්පික රණවක  හා නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න, එක්ව සිටියා.

මෙයට සමගාමීව අද දින සවස් කාලයේ දී නිදහස් මාවතේ සිට තුම්මුල්ල මංසන්දිය දක්වා ද බස් මංතීරු වැඩසටහන ආරම්භ කෙරෙනු ඇති.(සවස 4.00 සිට රාත්‍රි 7.00 දක්වා)

අද(29) සිට පොල්දූව මංසන්දියේ සිට ආගමන විගමන දෙපාර්තමේන්තුව ඇතුළු රජයේ කාර්යාලවලට, සුහුරුපාය ගොඩනැගිල්ලේ පිහිටි අමාත්‍යාංශ සහ සෙසු ආයතන වෙත පිවිසීම සඳහා බත්තරමුල්ල නගරය මගහැර පොල්දූව විකල්ප මාර්ගයේ පළමු අදියර අධීක්‍ෂණය කරමින් අධ්‍යන කාල සීමාවකට රථවාහන ගමනාගමනයට එම නව මාර්ගය විවෘත වන අතර ලබන වසරේදී කොස්වත්ත දක්වා එම මාර්ගය දීර්ඝ කිරීමට කටයුතු කරන බව අමාත්‍යවරයා සඳහන් කළා.

මෙම වසරේදී බත්තරමුල්ල ප්‍රවාහන මධ්‍යස්ථානයේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කිරීමට කටයුතු කරන බවත්, මේ වන විට සැලසුම් අවසන් අදියරේ පසුවන බවත් ඔහු කියා සිටියා.

ඒ අනුව බත්තරමුල්ල අංගසම්පූර්ණ පරිපාලන නගරය බවට පත් කිරීමේ කටයුතු දියත් කර තිබෙන අතර, ඒ සඳහා වන ආශ්‍රිත සේවාවන්ගේ ආරම්භක දිනය වූ අද දිනයේදී ප්‍රමුඛතා මංතීරු හේතුවෙන් යම් යම් අපහසුතා ඇතිවීමට ඉඩ ඇති බවද අමාත්‍යංශය කියා සිටිනවා.