ගිනිගෙන දැවුණු ඇල්පිටියේ "කාංචනමාලා"ගේ මරණයට හේතුව පවුල් ආරවුලක්ද ?

Tuesday, 29 August 2017 - 12:22

%E0%B6%9C%E0%B7%92%E0%B6%B1%E0%B7%92%E0%B6%9C%E0%B7%99%E0%B6%B1+%E0%B6%AF%E0%B7%90%E0%B7%80%E0%B7%94%E0%B6%AB%E0%B7%94+%E0%B6%87%E0%B6%BD%E0%B7%8A%E0%B6%B4%E0%B7%92%E0%B6%A7%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%22%E0%B6%9A%E0%B7%8F%E0%B6%82%E0%B6%A0%E0%B6%B1%E0%B6%B8%E0%B7%8F%E0%B6%BD%E0%B7%8F%22%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B8%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%E0%B6%A7+%E0%B7%84%E0%B7%9A%E0%B6%AD%E0%B7%94%E0%B7%80+%E0%B6%B4%E0%B7%80%E0%B7%94%E0%B6%BD%E0%B7%8A+%E0%B6%86%E0%B6%BB%E0%B7%80%E0%B7%94%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A%E0%B6%AF+%3F
කුරුඳුගහහැතැප්ම උප තැපැල් ස්ථානයේ අද උදෑසන ඇති වු ගින්නකින් එහි සිටි තැපැල් ස්ථානාධිපතිනිය ජීවිතක්ෂයට පත් වුණා.

මෙම ගින්නෙන් මිය ගොස් ඇත්තේ ඇල්පිටිය, කුරුදුගහහැතැක්ම ලිපිනයේ පදිංචි කාංචනමාලා ද සිල්වා නැමැති 49 හැවිරිදි දෙදරු මවක් බවයි වාර්තා වන්නේ.

පොලීසිය සඳහන් කළේ ප්‍රදේශවාසීන් විසින් තැපැල් ස්ථානයේ ගින්නක් පවතින බවට දැනුම් දුන් බවත් පසුව සිදුකළ පරීක්ෂණයේදී ගින්නට හසුවී මිය ගොස් සිටි තැපැල් ස්ථානාධිපතිනියගේ මළ සිරුර හවූ  බවයි.

ඇල්පිටිය මුලස්ථාන පොලිසියේ නිලධාරීන්, දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගිනි නිවන රථ සහ අවට ප්‍රදේශවාසින් එක්ව ගින්න ගින්න පාලනය කර තිබෙනවා.

ගින්න හට ගැනීමට හේතුව විදුලි කාන්දුවක් ද නොඑසේනම් වෙනත් පවුල් ආරවුලක්ද යන්න සම්බන්ධයෙන් පොලිසිය පරික්ෂණ ආරම්භ කර ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

ගිනි ගැනීමට ලක්වූ ගොඩනැගිල්ල වසර 60 කට අධික පැරණි ගොඩනැගිල්ලක බව වාර්තා වන අතර තැපැල්හලේ විදුලි මේනුව සහ බිත්ති කපරාරු ගැලවී තිබූ අයුරු පොලීසියේ නිරීක්‍ෂණයට ලක්ව තිබෙනවා.

මියගිය කාන්තාව  දිනපතා උදේ 6 30ට පමණ තැපැල් කාර්යාලයට පැමිණෙන බවත් අද  උදෑසන 6 00ට පමණ සිය නිවසින් පිටව තැපැල් කාර්යාලය වෙත ඇය පැමිණි ඇති බවයි පොලීසිය පවසන්නේ.

මෘත ශරීරය මේවන විට ඇලිපිටිය රෝහලේ තැම්පත්කර ඇති අතර පොලිස් පරික්ෂණ ක්‍රියාත්මක කරන බවයි අප වාර්තාකරු වැඩිදුරටත් සඳහන් කළේ.