නිදහස් පක්ෂ මැති ඇමතිවරු සහ ජනපති අතර සාකච්ඡාවක් අද

Tuesday, 29 August 2017 - 13:26

%E0%B6%B1%E0%B7%92%E0%B6%AF%E0%B7%84%E0%B7%83%E0%B7%8A+%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82+%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B7%94+%E0%B7%83%E0%B7%84+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%85%E0%B6%AD%E0%B6%BB+%E0%B7%83%E0%B7%8F%E0%B6%9A%E0%B6%A0%E0%B7%8A%E0%B6%A1%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B6%AF
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මැති ඇමතිවරුන් සහ නිදහස් පක්ෂයේ සභාපතිවරයා වන  ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අතර විශේෂ සාකච්ඡාවක් අද පස්වරුවේ පැවැත්වෙනවා.             

ඒ, ජනාධිපති නිළ නිවසේදීයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 66 වන සංවත්සර සැමරුම පිළිබදව මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කිරීමට නියමිත බවයි නිදහස් පක්ෂ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයෙකු කියා සිටියේ.

එමෙන්ම පාර්ලිමේන්තුවට ගෙන ආ නව දේශීය ආදායම් පනත් කෙටුම්පතේ ඇති අඩුපාඩු සහ වත්මන් දේශපාලන තත්ත්වය පිළිබදව මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරෙනු ඇති.

මේ අතර, පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් පිළිබඳ පනත සම්බන්ධයෙන් ද මෙහිදී සාකච්ඡා කෙරෙනු ඇති බවයි වාර්තා වන්නේ.

එමෙන්ම ඉදිරි පළාත් පළාත් පාලන මැතිවරණයට මුහුණ දෙන ආකාරය ද අද ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බව නිදහස් පක්ෂ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා.