හාවි සුළි සුළඟින් ඇමරිකාවේ 30,000ක් අවතැන්

Tuesday, 29 August 2017 - 13:52

%E0%B7%84%E0%B7%8F%E0%B7%80%E0%B7%92+%E0%B7%83%E0%B7%94%E0%B7%85%E0%B7%92+%E0%B7%83%E0%B7%94%E0%B7%85%E0%B6%9F%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%87%E0%B6%B8%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+30%2C000%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B7%80%E0%B6%AD%E0%B7%90%E0%B6%B1%E0%B7%8A
ඇමරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයට බලපෑ හාවි චණ්ඩ මාරුතය නිසා ඇති වූ ජල ගැල්ම හේතුවෙන් 30,000කට අධික පිරිසක් මේ වන විට තාවකාලික කඳවුරුවල රදවා තිබෙනවා.

ජල ගැල්ම පන්ලක්ෂයකට අධික පිරිසකට බලපා ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

එකම පවුලක 06 දෙනෙකු ඇතුළු ජීවිත හානි 8ක් ද ටෙක්සාසයෙන් වාර්තා වුණා.

සුළි කුණාටුවත් සමඟ ඇති වූ ධාරාණිපාත වර්ෂාපතනය මෙතෙක් අවසන් වී නැහැ.

හියුස්ටන් නගරයට මේ වන විට මිලිමීටර් 750 ඉක්ම වූ වර්ෂාපතනයක් ලැබී ඇති අතර, බොහෝ ප්‍රදේශවල නිවාස සහ රථ වාහන ජලයෙන් යට වී ඇති අයුරු දක්නට ලැබෙනවා.

අන්තර් ජාතික ගගන මධ්‍යස්ථානය සමඟ සන්නිවේදන සිදුකරන හියුස්ටන් හි නාසා අභ්‍යාවකාශ පාලක මධ්‍යස්ථානය ද ජල ගැල්ම නිසා වසා දැමීමට සිදුව ඇති බව සඳහන්.