නියඟයෙන් පීඩාවට පත් ජනතාවට සහන සලසන්නැයි ජනපතිගෙන් යළිත් උපදෙස්

Tuesday, 29 August 2017 - 13:54

%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B6%9F%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%93%E0%B6%A9%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A+%E0%B6%A2%E0%B6%B1%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B7%83%E0%B7%84%E0%B6%B1+%E0%B7%83%E0%B6%BD%E0%B7%83%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%90%E0%B6%BA%E0%B7%92+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BA%E0%B7%85%E0%B7%92%E0%B6%AD%E0%B7%8A+%E0%B6%8B%E0%B6%B4%E0%B6%AF%E0%B7%99%E0%B7%83%E0%B7%8A
නියඟයෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සඳහා ගෙන යන වැඩපිළිවෙල ජනාධිපතිවරයාගේ අධීක්ෂණයට ලක්ව තිබෙනවා.

ඒ, ජනාධිපති ලේකම් කාර්යාලයේදී අදාළ සියළු අංශ නිලධාරීන්ගේ ප්‍රධානත්වයෙන් අද පැවති සාකච්ඡාවකදියි.

එහිදී නියඟයෙන් පීඩාවට පත් ජනතාවට වියළි ආහාර සලාක ලබාදීමේ කටයුතු සිදුවන ආකාරය සම්බන්ධයෙන්ද ජනාධිපතිවරයා, නිලධාරීන්ගෙන් කරුණු විමසා තිබෙනවා.

එමෙන්ම පානීය ජල පහසුකම් සැලසීම සඳහා තවත් ජල බවුසර් 100ක් මිලදී ගන්නා ලෙසයි ජනාධිපතිවරයා නිලධාරීන්ට උපදෙස් ලබාදී ඇත්තේ.

මේ අතර ලොව දෙවන උසම කන්ද ලෙසින් සැලකෙන k2 කන්ද තරණය කිරීමට සැරසෙන මහනුවර ධර්මරාජ විදුහලේ බාලදක්ෂ කණ්ඩායම වෙත ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අද මූල්‍ය ප්‍රදානයක් සිදුකළා. 

කඳු මුදුනේ ස්ථාපිත කිරීම සඳහා වන ශ්‍රී ලංකා ධජයද ජනාධිපතිවරයා ඔවුන්ට පිරිනැමූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.