ත්‍රී රෝද රථයක් මතට ගසක් කඩා වැටී කාන්තාවක් මරුට (ඡායාරූප)

Tuesday, 29 August 2017 - 14:37

%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BB%E0%B7%9D%E0%B6%AF+%E0%B6%BB%E0%B6%AE%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B8%E0%B6%AD%E0%B6%A7+%E0%B6%9C%E0%B7%83%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9A%E0%B6%A9%E0%B7%8F+%E0%B7%80%E0%B7%90%E0%B6%A7%E0%B7%93+%E0%B6%9A%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
ත්‍රී රෝද රථයක් මතට ගසක් කඩා වැටීමෙන් සිදුවු අනතුරකින් කාන්තාවක් මියගොස් තිබෙනවා.

ත්‍රී රෝද රථයේ රියදුරා බරපතල තුවාල ලබා ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

දික්ඔය ප්‍රදේශයේ සිට තලවාකැලේ දක්වා ධාවනය වෙමින් තිබු ත්‍රී රෝද රථයට අද දහවල් 12 ට පමණ මාර්ගය අසල තිබු ගසක් කඩා වැටී ඇත්තේ තලවාකැලේ සෙන්ට්ක්ලෙයාර් ප්‍රදේශයේදීයි.

එහිදී ත්‍රී රෝද රථයේ ගමන් කළ කාන්තාව එම ස්ථානයේදීම මරණයට පත්ව තිබෙනවා.

බරපතල තුවාල ලැබු ත්‍රී රෝද රථයේ රියදුරු ළිඳුල රෝහලට ඇතුලත් කෙරුනා.

පැවති අධික වර්ෂාව සහ සුළග සමග ගස ප්‍රධාන මාර්ගයට කඩා වැටී ඇති බවයි අනාවරණ වී ඇත්තේ.

ගස කඩා වැටීම හේතුවෙන් හැටන් නුවරඑළිය මාර්ගයේ රථ වාහන ගමනාගමනය ද පැයක පමණ කාලයක් අවහිර වී තිබුනා.

අනතුරින් මරණයට පත්වුනේ කොටගල ප්‍රදේශයේ පදිංචි දෙදරු මවක්.

ඇය තලවාකැලේ දමිළ මහා විද්‍යාලයේ ගුරුවරියක් ලෙසට සේවය කර තිබෙනවා.

මෘත ශරීරය පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා නුවරඑළිය රෝහලට යොමුකර ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.








ඡායාරූප - හැටන් රංජිත් රාජපක්ෂ / මස්කෙළිය ගාමිණී බණ්ඩාර