විස්සට එරෙහි පෙත්සම් විභාගයට දින නියම කෙරේ

Tuesday, 29 August 2017 - 15:31

%E0%B7%80%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B7%83%E0%B6%A7+%E0%B6%91%E0%B6%BB%E0%B7%99%E0%B7%84%E0%B7%92+%E0%B6%B4%E0%B7%99%E0%B6%AD%E0%B7%8A%E0%B7%83%E0%B6%B8%E0%B7%8A+%E0%B7%80%E0%B7%92%E0%B6%B7%E0%B7%8F%E0%B6%9C%E0%B6%BA%E0%B6%A7+%E0%B6%AF%E0%B7%92%E0%B6%B1+%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B6%B8+%E0%B6%9A%E0%B7%99%E0%B6%BB%E0%B7%9A
20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අභියෝගයට ලක් කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල ඇතුලූ පිරිසක් ඉදිරිපත් කර ඇති පෙත්සම් විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද දින නියම කළා.

ඒ අනුව අදාළ පෙත්සම් ලබන මස 6 වනදා විභාගයට ගන්නා බවයි අගවිනිසුරු ප්‍රියසාද් ඩෙප්, අනිල් ගුණරත්න සහ විජිත් මළල්ගොඩ යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල ප්‍රකාශ කළේ.

එමෙන්ම 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අදාළ පෙත්සම් ගොනු කිරීම හෙටින් අවසන් කළ යුතු බවද විනිසුරුවරුන් සඳහන් කර තිබෙනවා.

මහජන එක්සත් පෙරමුණ සහ පැෆ්රල් සංවිධානයද ඊයේ 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව  ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් ගොනු කළා.