25,000 ක අල්ලසක් ගත් හිටපු විදුහල්පතිනියකට වසර 8 ක සිර දඩුවම්

Tuesday, 29 August 2017 - 15:33

25%2C000+%E0%B6%9A+%E0%B6%85%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%83%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A+%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B6%B4%E0%B7%94+%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B7%84%E0%B6%BD%E0%B7%8A%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B6%A7+%E0%B7%80%E0%B7%83%E0%B6%BB+8+%E0%B6%9A+%E0%B7%83%E0%B7%92%E0%B6%BB+%E0%B6%AF%E0%B6%A9%E0%B7%94%E0%B7%80%E0%B6%B8%E0%B7%8A
පාසලේ හය වන ශ්‍රේණියට දැරියක් ඇතුළත් කිරීම සඳහා රුපියල් 25,000 ක මුදලක් ලබාගත් පානදුර නගරයේ ප්‍රසිද්ධ පාසලක හිටපු විදුහල්පතිනියකට අද බරපතල වැඩ සහිත වසර 8 ක සිර දඩුවම් නියම වුණා.

මෙම නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කළේ කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංගයි.

2009 වසරේදී අදාළ විදුහල්පතිනිය මෙම මුදල් ලබාගෙන ඇති අතර, ඊට එරෙහිව නඩු පවරනු ලැබුවේ අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිෂන් සභාව විසින්.

එහිදී චෝදනා 2 කට අදාළව ඇය වරදකරු බව ප්‍රකාශයට පත් කළ අධිකරණය එක් වරදකට වසර 4 බැගින් මෙලෙස වසර 8 ක සිර දඩුවම් නියම කර ඇති අතර, රුපියල් 5000 ක දඩයක්ද ගෙවන ලෙස නියෝග කෙරුණා.