මරදානේ වෙඩි තැබීම ගැන සී සී ටී වී පරීක්ෂාව ඇරඹේ

Tuesday, 29 August 2017 - 15:54

%E0%B6%B8%E0%B6%BB%E0%B6%AF%E0%B7%8F%E0%B6%B1%E0%B7%9A+%E0%B7%80%E0%B7%99%E0%B6%A9%E0%B7%92+%E0%B6%AD%E0%B7%90%E0%B6%B6%E0%B7%93%E0%B6%B8+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B7%83%E0%B7%93+%E0%B7%83%E0%B7%93+%E0%B6%A7%E0%B7%93+%E0%B7%80%E0%B7%93+%E0%B6%B4%E0%B6%BB%E0%B7%93%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%8F%E0%B7%80+%E0%B6%87%E0%B6%BB%E0%B6%B9%E0%B7%9A
මරදාන - ජයන්ත වීරසේකර මාවතේදී අද උදෑසන සිදුවූ වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා සී සී ටී වී දර්ශන ඔස්සේ පරීක්ෂණ ක්‍රියාත්මක බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර ප්‍රකාශ කළා.

මේ අතර මෙම වෙඩි තැබීමේ සිද්ධිය පාතාල කල්ලි දෙකක් අතර ගැටුමක ප්‍රතිඵලයක් බව විමර්ශන මෙහෙයවන උසස් පොලිස් නිලධාරියෙකු හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළා.

සිද්ධියෙන් තුවාල ලැබූවන් තුන්දෙනෙකු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති අතර, ඉන් එක් අයෙකු ශල්‍යකර්මයකට ලක් කර තිබෙනවා.

අනෙක් දෙදෙනා රෝහලේ හදිසි අනතුරු වාට්ටුවේ ප්‍රතිකාර ලබන බවයි එහි ප්‍රකාශකයෙකු කියා සිටියේ.

එම පිරිස ත්‍රිරෝද රථයකින් කොළඹ - අලූත්කඩේ අධිකරණය වෙත නඩු කටයුත්තක් සඳහා යමින් සිටියදී යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු වෙඩි තබා පලාගොස් තිබුණා.

වෙඩි තැබීමෙන් තුවාල ලැබූවන් වයස අවුරුදු 20, 26 සහ 31 වන වියේ පසුවන බොරැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවන්.  ටී - 56 ගිනි අවියකින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවද පොලීසිය ප්‍රකාශ කළා.