විස්සට වයඹදී සංශෝධන

Tuesday, 29 August 2017 - 17:06

%E0%B7%80%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B7%83%E0%B6%A7+%E0%B7%80%E0%B6%BA%E0%B6%B9%E0%B6%AF%E0%B7%93+%E0%B7%83%E0%B6%82%E0%B7%81%E0%B7%9D%E0%B6%B0%E0%B6%B1
වයඹ පළාත් සභාවට අද ඉදිරිපත් කෙරුණු, පළාත්සභා මැතිවරණය එකම දිනකදී පැවැත්වීමට අදාළ 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය, නීති කාරක සභාවට  යොමු කිරීමට තීරණය කර තිබෙනවා.

ඒ, එය සභාගත කිරීමෙන් පසු පළාත් ප්‍රධාන අමාත්‍ය ධර්මසිරි දසනායක ඉදිරිපත් කළ සංශෝධන කිහිපයක් හේතුවෙන්.

ඒකාබද්ධ විපක්ෂය සහ එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් ද ඊට එකඟත්වය පළ කර තිබීම විශේෂත්වයක්.

එසේම 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අභියෝගයට ලක් කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල ඇතුලූ පාර්ශවයන් කිහිපයක් ඉදිරිපත් කර ඇති පෙත්සම් විභාගයට ගැනීමටද ශ්‍රේෂ්ඨාධිකරණය අද දින නියම කළා.

ඒ අනුව අදාළ පෙත්සම් ලබන මස 6 වනදා විභාගයට ගන්නා බවයි අගවිනිසුරු ප්‍රියසාද් ඩෙප්, අනිල් ගුණරත්න සහ විජිත් මළල්ගොඩ යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල ප්‍රකාශ කළේ.

එමෙන්ම 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අදාළ පෙත්සම් ගොනු කිරීම හෙටින් අවසන් කළ යුතු බවද විනිසුරුවරුන් සඳහන් කර තිබෙනවා.