හිටපු ඇමති ඒ එච් එම් අස්වර් අභාවප්‍රාප්ත වෙයි

Tuesday, 29 August 2017 - 20:25

%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B6%B4%E0%B7%94+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92+%E0%B6%92+%E0%B6%91%E0%B6%A0%E0%B7%8A+%E0%B6%91%E0%B6%B8%E0%B7%8A+%E0%B6%85%E0%B7%83%E0%B7%8A%E0%B7%80%E0%B6%BB%E0%B7%8A+%E0%B6%85%E0%B6%B7%E0%B7%8F%E0%B7%80%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F%E0%B6%B4%E0%B7%8A%E0%B6%AD+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
හිටපු අමාත්‍ය ඒ.එච්.එම්. අස්වර් කොළඹ පෞද්ගලික රෝහලකදී අද අභාවප්‍රාප්ත වුණා.

මියයනවිට ඔහුගේ වයස අවුරුදු 80 ක්.

1937 පෙබරවාරි 8 වනදා උපත ලද ඔහු ලංකා සමසමාජ පක්ෂයෙන් දේශපාලනයට එක්වන්නේ 1950 වසරේදියි.

පසුව 1955 වසරේදී එක්සත් ජාතික පක්ෂයට එක්වන ඔහු දිගු කලක් එහි දේශපාලන කටයුතුවල නිරතවනවා.

පාර්ලිමේන්තු කටයුතු ව්‍යාපෘති මෙන්ම නැගෙනහිර සංවර්ධන සහ මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍යවරයා ලෙසද කළක් කටයුතු කළ ඔහු පසුගිය පාර්ලිමේන්තුවට එක්සත් ජනතා නිදහස් සන්ධාන ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙකු ලෙස තේරී පත්වුණා.