නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව රැස්වේ, විනය කැඩූවන් ගැන කතා නැහැ

Wednesday, 30 August 2017 - 7:42

%E0%B6%B1%E0%B7%92%E0%B6%AF%E0%B7%84%E0%B7%83%E0%B7%8A+%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82+%E0%B6%B8%E0%B6%B0%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%B8+%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB%E0%B6%9A+%E0%B7%83%E0%B6%B7%E0%B7%8F%E0%B7%80+%E0%B6%BB%E0%B7%90%E0%B7%83%E0%B7%8A%E0%B7%80%E0%B7%9A%2C+%E0%B7%80%E0%B7%92%E0%B6%B1%E0%B6%BA+%E0%B6%9A%E0%B7%90%E0%B6%A9%E0%B7%96%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%9A%E0%B6%AD%E0%B7%8F+%E0%B6%B1%E0%B7%90%E0%B7%84%E0%B7%90
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව ඊයේ රාත්‍රියේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති නිළ නිවසේදී පැවැත්වුණා.

රාත්‍රී 7ට පමණ ආරම්භ වූ මෙම හමුව පැය දෙකකට ආසන්න කාලයක් පැවැති බවයි නිදහස් පක්ෂ තරුණ පෙරමුණේ සභාපති, හිටපු නියෝජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර කියා සිටියේ.

එමෙන්ම මෙහිදී විනය විරෝධී ලෙස හැසිරුණු මන්ත්‍රීවරුන්ගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි කිරීමට අදාළ කිසිදු සාකච්ඡාවක් සිදුනොවූ බවයි වාර්තා වන්නේ.

මන්ත්‍රීවරුන් 07 දෙනෙකුගේ සාමාජිකත්වය අහෝසි කිරීමට නිදහස් පක්ෂය සූදානම් වන බවට පසුගිය දා මාධ්‍ය වාර්තා පළ වුණා.