ට්‍රම්ප් ටෙක්සාස් ප්‍රාන්තයට පැමිණේ

Wednesday, 30 August 2017 - 7:57

%E0%B6%A7%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B7%8A+%E0%B6%A7%E0%B7%99%E0%B6%9A%E0%B7%8A%E0%B7%83%E0%B7%8F%E0%B7%83%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%BA%E0%B6%A7+%E0%B6%B4%E0%B7%90%E0%B6%B8%E0%B7%92%E0%B6%AB%E0%B7%9A
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හාවි චණ්ඩ මාරුතයෙන් හානියට ලක්වූ ටෙක්සාස් ප්‍රාන්තයේ සංචාරයක නිරත වී තිබෙනවා.

මෙහිදී සිදුව ඇති හානිය පිළිබදව ඇමරිකානු ජනාධිපතිවරයා ටෙක්සාස් ප්‍රාන්ත බලධාරීන් සමඟ දීර්ඝ ලෙස අදහස් හුවමාරු කරගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

මෙම චණ්ඩ මාරුතයේ බලපෑම තවදුරටත් උග්‍ර වෙමින් පවතින බව සදහන්.

පවතින තත්වයත් සමඟ ටෙක්සාස් ප්‍රාන්තයේ හදිසි තත්ත්වයක් ද ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ඇමරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයට බලපෑ හාවි චණ්ඩ මාරුතය නිසා ඇති වූ ජල ගැල්ම හේතුවෙන් 30,000කට අධික පිරිසක් මේ වන විට තාවකාලික කඳවුරුවල රදවා ඇති බවයි විදෙස් වාර්තා සදහන්  කළේ.

හාවි සුළි කුණාටුවත් සමග ඇතිවූ හානිවලින් පුද්ගලයනි 15 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.