මාවතගම රිය අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට

Wednesday, 30 August 2017 - 11:18

%E0%B6%B8%E0%B7%8F%E0%B7%80%E0%B6%AD%E0%B6%9C%E0%B6%B8+%E0%B6%BB%E0%B7%92%E0%B6%BA+%E0%B6%85%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%A2%E0%B7%93%E0%B7%80%E0%B7%92%E0%B6%AD%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%BA%E0%B6%A7
මහනුවර - කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ මාවතගම ප්‍රදේශයේ ඊයේ රාත්‍රියේ සිදුවූ රිය අනතුරකින් මාර්ගයේ ගමන් කරමින් සිටි පුද්ගලයෙකු මියගොස් තිබෙනවා.

කුරුණෑගල සිට මහනුවර දක්වා ගමන් කරමින් තිබූ මෝටර් රථයක ගැටීමෙන් බරපතල තුවාල ලැබූ මොහු මාවතගම රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි පොලිසිය කියා සිටියේ.

අනතුර සිදුකිරීමෙන් පසු මෝටර් රථය පලාගොස් ඇති අතර, පසුව එහි රියදුරු කටුගස්තොට පොලිසියට භාරවී තිබෙනවා.

මියගිය පුද්ගලයා කවුරුන් ද යන්න මෙතෙක් හදුනාගෙන නොමැති අතර, මෘත ශරීරය මාවතගම රෝහලේ තැන්පත් කර ඇති බවයි පොලිස් මූලස්ථානය ප්‍රකාශ කළේ.