උමා ඔය අවතැන්වූවන්ට දීමනාවක්

Wednesday, 30 August 2017 - 12:34

%E0%B6%8B%E0%B6%B8%E0%B7%8F+%E0%B6%94%E0%B6%BA+%E0%B6%85%E0%B7%80%E0%B6%AD%E0%B7%90%E0%B6%B1%E0%B7%8A%E0%B7%80%E0%B7%96%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B6%AF%E0%B7%93%E0%B6%B8%E0%B6%B1%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A
උමාඔය ව්‍යාපෘතියේ බලපෑමට ලක්ව විකල්ප ස්ථාන වල පදිංචි කළ පවුල් සඳහා රුපියල් දස දහසේ සිට 25,000 දක්වා මාසිකව දීමනාවක් ලබාදීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා.

කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය ගයන්ත කරුණාතිලක මේ බව කියා සිටියා.

මෙම මාධ්‍ය හමුවට සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න ද එක්ව සිටින අතර, ඒකාබද්ධ විපක්ෂය ඉදිරිපත් කරඇති විශ්වාසභංග යෝජනාව පිළිබඳව මෙහිදී මාධ්‍යවේදීන් අමාත්‍යවරයාගෙන් ප්‍රශ්න කළා.

එහිදි අමාත්‍යවරයා සඳහන් කළේ ඒකාබද්ධ විපක්ෂයේ විශ්වාසභංග යෝජනාව අධිකරණ කටයුත්තක් සමඟ සම්බන්ධ වන බැවින් එය විවාදයට ගත නොහැකි බව සභානායකවරයා විසින් දැනුම්දී ඇති බවයි.

එසේම අධිකරණ අමාත්‍ය ධුරය වෙනස් කිරීම තුළින් නඩු විමර්ශන කටයුතු වේගවත් වී ඇති බවද ඔහු කියා සිටියා.