රයන් ජයලත් යළි රිමාන්ඩ්

Wednesday, 30 August 2017 - 13:02

%E0%B6%BB%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B6%A2%E0%B6%BA%E0%B6%BD%E0%B6%AD%E0%B7%8A+%E0%B6%BA%E0%B7%85%E0%B7%92+%E0%B6%BB%E0%B7%92%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%A9%E0%B7%8A
සෞඛ්‍ය අමාත්‍යාංශයට බලහත්කාරයෙන් ඇතුළු වී පොදු දේපලවලට හානි කිරීමේ චෝදනාව යටතේ අත්අඩංගුවට ගත් වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුවේ කැදවුම්කරු රයන් ජයලත් හෙට දක්වා යලි රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

ඒ ඔහුු අද මාලිගාකන්ද අතිරේක මහේස්ත්‍රාත් මංජුල රත්නායක හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේදීයි.

මහජන පීඩා සිදුකරමින් උද්ඝෝෂණයක නිරත වූ බවට කොල්ලුපිටිය පොලිසිය අධිකරණයේ ගොනුකර තිබූ නඩුවක අදාලව අධිකරණයට භාර වූ රයන් ජයලත් මේ වනවිටත් රක්ෂිත බන්ධනාගාර ගතව පසුවනවා.

ඒ ලබන මස 07 වනදා දක්වායි.