රසායනික විද්‍යා ප්‍රශ්න පත්‍ර සිද්ධියට ඇල්ලූ උපකාර පන්ති ගුරුවරයා ඇතුළු පස් දෙනෙකු යළි රක්ෂිත බන්ධනාගාරයට

Wednesday, 30 August 2017 - 13:01

%E0%B6%BB%E0%B7%83%E0%B7%8F%E0%B6%BA%E0%B6%B1%E0%B7%92%E0%B6%9A+%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%81%E0%B7%8A%E0%B6%B1+%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB+%E0%B7%83%E0%B7%92%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0%E0%B7%92%E0%B6%BA%E0%B6%A7+%E0%B6%87%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%96+%E0%B6%8B%E0%B6%B4%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB+%E0%B6%B4%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%92+%E0%B6%9C%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B7%8F+%E0%B6%87%E0%B6%AD%E0%B7%94%E0%B7%85%E0%B7%94+%E0%B6%B4%E0%B7%83%E0%B7%8A+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%BA%E0%B7%85%E0%B7%92+%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%92%E0%B6%AD+%E0%B6%B6%E0%B6%B1%E0%B7%8A%E0%B6%B0%E0%B6%B1%E0%B7%8F%E0%B6%9C%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B6%A7
මෙවර උසස් පෙළ විභාගයේ රසායනික විද්‍යා ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්නවලට සමාන අනුමාන ප්‍රශ්න ඇතුළත් අත් පත්‍රිකා බෙදා හැරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැණුනු උපකාරක පන්ති ගුරුවරයා ඇතුලු 5 දෙනා ලබන මස 4 වනදා දක්වා අද යළි රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

ඒ ඔවුන් ගම්පහ අතිරේක මහේස්ත්‍රාත් ලලිත් කන්නන්ගර හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

උපකාරක පන්ති ගුරුවරයාට අමතරව ඔහුගේ පියා සහ සහෝදරයා මෙන්ම උසස් පෙළ සිසුවා සහ ඔහුගේ පියායි මෙලෙස රිමාන්ඩ් කර ඇත්තේ.

කෙසේ වෙතත් අත්පත්‍රිකාව මුද්‍රණය කළ පුද්ගලයා රුපියල් 5000ක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂයක ශරීර ඇපයක් මත මුදා හැරීමටයි අතිරේක මහේස්ත්‍රාත්වරයා අද නියෝග කළේ.

මේ අතර උසස් පෙළ විභාගයට අපේක්ෂකයෙකු වෙනුවට වංචනිකව පෙනී සිටි වෙනත් පුද්ගලයෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ පැවති ගිණුම්කරණය දෙවන ප්‍රශ්න පත්‍රයට අම්පාර - උහන මහා විද්‍යාලයේ විභාග මධ්‍යස්ථානයේදී ඔහු පිළිතුරු ලියා ඇති අතර, පසුව තොරතුරු  අනාවරණ කරගත් විභාග ශාලාධිපතිවරයා ඒ පිළිබඳව පොලීසිය දැනුම්වත් කර තිබෙනවා.

ඒ අනුව උහන ප්‍රදේශයේම පදිංචි 32 හැවිරිදි සැකකරු අත්අඩංගුවට ගත් බවයි පොලීසිය සඳහන් කළේ.