තැපැල් ස්ථානාධිපතිනියගේ මරණය ගැන විධිමත් පරීක්ෂණයක් ඉල්ලයි

Wednesday, 30 August 2017 - 13:05

%E0%B6%AD%E0%B7%90%E0%B6%B4%E0%B7%90%E0%B6%BD%E0%B7%8A+%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B6%B1%E0%B7%8F%E0%B6%B0%E0%B7%92%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B8%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B7%80%E0%B7%92%E0%B6%B0%E0%B7%92%E0%B6%B8%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B4%E0%B6%BB%E0%B7%93%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%AB%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%89%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%BA%E0%B7%92
ඇල්පිටිය - කුරුඳුගහහැතැක්ම තැපැල් ස්ථානාධිපතිනියගේ මරණය සම්බන්ධයෙන් අපක්ෂපාතී පරීක්ෂණයක් සිදුකළ යුතු බවට ප්‍රදේශවාසීන් පවසනවා.

මෙය ඝාතනයක් ද නැතහොත් සියදිවි හානි කර ගැනීමක් ද යන්න පිළිබඳව ගැටලු පවතින බැවින් විධිමත් පරීක්ෂණයක් සිදුකරන ලෙසයි ප්‍රදේශවාසීන් පොලිසියෙන් ඉල්ලා සිටින්නේ.

ඊයේ උදෑසන මෙලෙස ගින්නට හසුවී ජීවිතක්ෂයට පත්වූ තැපැල් ස්ථානාධිපතිණිය 49 හැවිරිදි වියේ පසුවන දෙදරු මවක් වන අතර ඇය තැපැල් කාර්යාලය ආසන්නයේම ලොතරැයි අලෙවි ස්ථාන දෙකක් සහ පුවත්පත් අලෙවිසැලක් පවත්වාගෙන ගොස් තිබෙනවා.

දැනට පොලිසිය සැක කරන්නේ මෙම කාන්තාව වස පානය කර ගිනි ඇවිලීමට හැර සියදිවි හානි කර ගන්නට ඇති බවටයි.

කෙසේ වෙතත්, වැඩිදුරට පරීක්ෂණ සඳහා මියගිය තැපැල් ස්ථානාධිපතිනියගේ සිරුරු කොටස් රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමුකර තිබෙනවා.

ඇයගේ පශ්චාත් මරණ පරීක්ෂණය ඊයේ (29) ඇල්පිටිය රෝහලේදී පැවති අතර එහිදී හෙලි වූයේ සිරුරු කොටස්වල වස අඩංගු වී ඇති බවටයි.

තැපැල් කාර්යාලයේ තිබී වස බෝතලයක්ද පොලීසිය ඊයේ සොයා ගත් අතර, තවදුටත් සිදුකළ විමර්ශනවලදී එහි එක් පසෙක කුප්පි ලාම්පුවක්ද තිබී හමුවූ නමුත් එම ලාම්පුවේ භූමිතෙල් තිබී නැහැ.

කෙසේ වෙතත්, ප්‍රදේශවාසීන් පෙන්වා දෙන්නේ තැපැල් ස්ථානයේ ප්‍රධාන දොරටුවේ ඉබි යතුරු කඩා තිබීම සහ සේප්පුව කඩා එය විවෘත කර තිබීම පිළිබඳව සැක පවතින බවයි.