යුද්ධයට අණ දුන්නේ ජගත් ජයසූරිය නොවේ - හිටපු මේජර් ජනරාල්වරයෙකුගෙන් ප්‍රකාශයක්

Wednesday, 30 August 2017 - 13:16

%E0%B6%BA%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0%E0%B6%BA%E0%B6%A7+%E0%B6%85%E0%B6%AB+%E0%B6%AF%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%9A+%E0%B6%A2%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A+%E0%B6%A2%E0%B6%BA%E0%B7%83%E0%B7%96%E0%B6%BB%E0%B7%92%E0%B6%BA+%E0%B6%B1%E0%B7%9C%E0%B7%80%E0%B7%9A+-+%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B6%B4%E0%B7%94+%E0%B6%B8%E0%B7%9A%E0%B6%A2%E0%B6%BB%E0%B7%8A+%E0%B6%A2%E0%B6%B1%E0%B6%BB%E0%B7%8F%E0%B6%BD%E0%B7%8A%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%9A%E0%B7%8F%E0%B7%81%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
හිටපු යුද හමුදාපති ජනරාල් ජගත් ජයසූරියට යුද අපරාධ චෝදනා ගොනුකර ඇත්තේ දෙමළ ඩයස් පෝරාවේ අවශ්‍යතාවය මත බව විශ්‍රාමික මේජර් ජනරාල් කමල් ගුණරත්න පවසනවා.

ඔහු ප්‍රකාශ කළේ ජනරාල් ජගත් ජයසූරියට එරෙහිව යුද අපරාධ චෝදනා එල්ල කිරීමට කිසිදු පදනමක් නොමැති බවයි.

බ්‍රසීලය ඇතුළු ලතින් ඇමරිකානු රටවල් කිහිපයක ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස කටයුතු කළ ජනරාල් ජගත් ජයසූරියට එරෙහිව දකුණු ඇමරිකානු මානව හිමිකම් සංවිධානයක් විසින් බ්‍රසීලයේ සහ කොලොම්බියාවේ අධිකරණ වල යුද අපරාධ චෝදනා ගොනුකර තිබෙනවා.

ඒ මානුෂීය මෙහෙයුමේ අවසන් අදියරේදී හමුදා ඒකක වෙත අණ දුන් තැනැත්තා වශයෙන් ජනරාල් ජගත් ජයසූරිය පෞද්ගලිකව අපරාධ වගකීමක් දරණ බවට චෝදනා කරමින්.

අදාළ චෝදනා ගොනුකළ ජාත්‍යන්තර සත්‍ය සහ සාධාරණය උදෙසා වූ ව්‍යාපෘතියේ විධායක අධ්‍යක්ෂිකා යැස්මින් සූකා ප්‍රකාශ කර තිබුණේ ජනරාල්වරයා අධිකරණ ක්‍රියාමාර්ගවලට මුහුණදීම අපේක්ෂාව බවයි.

ඊට පෙර ඔහු කලාපයෙන් පලාගොස් ඇති බවට ද දකුණු අප්‍රිකානු නීතිවේදිනියක් වන යැස්මින් සූකා චෝදනා එල්ල කර තිබුණා.

කෙසේ වෙතත්, විදේශ අමාත්‍යාංශය ඊයේ ප්‍රකාශ කළේ බ්‍රසීලය ඇතුළු ලතින් ඇමරිකානු රටවල් කිහිපයක ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස කටයුතු කළ ජනරාල් ජගත් ජයසූරිය සිය ධුර කාලය අවසන් වීම හේතුවෙන් දිවයිනට පැමිණි බවයි.

එමෙන්ම, බ්‍රසීලයෙන් පලාගොස් ඇති බවට ජනරාල් ජගත් ජයසූරියට එරෙහිව එල්ල කරන චෝදනා ප්‍රතික්ෂේප කරන බව ද විදේශ අමාත්‍යාංශ ප්‍රකාශිකා මහේෂනී කොලොන්නේ වැඩිදුරටත් සඳහන් කළා.

දකුණු අමෙරිකානු මානව හිමිකම් සංවිධානයක් විසින් ගොනුකර ඇති මෙම යුද අපරාධ චෝදනාව පිළිබඳව අප කළ විමසීමකදී ඊට ප්‍රතිචාර දැක්වූ යුද හමුදාවේ 53 වන සේනාංකයට අණ දුන් විශ්‍රාමික මේජර් ජනරාල් කමල් ගුණරත්න කියා සිටියේ යුද්ධයට අණදීමේ ක්‍රියාවලිය ජනරාල් ජගත් ජයසූරිය සිදු නොකළ බවයි.