කොටි බුද්ධි අංශය නමින් අත් පත්‍රිකාවක් උතුරේ (ඡායාරූප)

Wednesday, 30 August 2017 - 14:56

%E0%B6%9A%E0%B7%9C%E0%B6%A7%E0%B7%92+%E0%B6%B6%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0%E0%B7%92+%E0%B6%85%E0%B6%82%E0%B7%81%E0%B6%BA+%E0%B6%B1%E0%B6%B8%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+%E0%B6%8B%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%9A+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
එල්. ටි. ටි. ඊ  සංවිධානයේ බුද්ධි අංශය නමින් සංවිධානාත්මක පිරිසක් විසින් ඊයේ (29) රාත්‍රියේ වව්නියාව නගරයේ පෝස්ටර් කිහිපයක් දමා ගොස් තිබියදී ආරක්ෂක අංශවලට හමු වී තිබෙනවා.

වව්නියාව- කුරුමන්කාඩුව ප්‍රදේශයේ මාර්ගයක් ආසන්නයේ හා ටෙලෝ පක්ෂ කාර්යාලයක් අසල අදාළ දැන්වීම් පත්‍රිකා දමා ගොස් තිබියදී හමු වී ඇති බවයි අප වාර්තාකරුවන් කියා සිටියේ.

දෙමළ විමුක්ති කොටි නමින් වන ශිර්ෂය යටතේ මේවා මුද්‍රණය කර ඇති අතර එල් ටී ටී ඊ  සංවිධානයේ බුද්ධි අංශ දෙමළ කාන්තාවන් වැරදි සිදු කරන්නේ ද යන්න නිරීක්ෂණය කරමින් සිටින බවත් එහි සඳහන්.

සංවරව හැසිරිය යුතු බවත් එලෙස නොවන්නේ නම් එල් ටී ටී ඊ  බුද්ධි අංශ ඒ සම්බන්ධයෙන් දැඩි පියවර ඉතා ඉක්මනින් ගන්නා බවද එහි වැඩි දුරටත් සඳහන් කොට ඇති බව පැවසෙනවා.

බුද්ධි අංශය දෙමළ විමුක්ති කොටි සංවිධානය යනුවෙන් පත්‍රිකාවේ අවසානයේ ද සඳහන් කොට ඇති බවද වැඩි වව්නියාව පොලීසිය වැඩි දුරටත් කියාසිටියා.

ආරක්ෂක අංශ පැවසුවේ සොයාගත් අත් පත්‍රිකා වවුනියාව පොලිසිය වෙත භාරදී ඇති බවයි.

කාන්තාවන්ගේ නොමනා හැසිරීම් ඇත්නම් 17 වනදාට පෙර ඒවා නිවැරදි කර ගත යුතු වන අතර එසේ නොමැති නම් එලෙස හැසිරෙන කාන්තාවන්ගේ නම් ලැයිස්තුව ප්‍රසිද්ධියට පත් කරන බවටයි අදාළ පත්‍රිකාවේ දක්වා ඇත්තේ.

එමෙන්ම වව්නියාවේ මෙම අත් පත්‍රිකාව බෙදු ආකාරයෙන් ලබන 6 වනදා කිලිනොච්චිය ප්‍රදේශයේ ද බෙදා හරින බවටයි එහි වැඩිදුරටත් දැක්වෙන්නේ.

ජනතාව අතර සිටින බව කියන එල් ටී ටී ඊ සාමාජිකයන් පාවා දෙන්නන්ගේ නම් ලැයිස්තුවක් ද ඉදිරියේදී ප්‍රසිද්ධියට පත් කරන බව මෙම පත්‍රිකාවේ සඳහන් කර තිබෙනවා.





ඡායාරූප - වන්නි රොමේෂ් මදුෂංක / වව්නියාව මාධව කුලසුරිය