උතුරු කොරියාව යුද මෙහෙයුම් ආරම්භ කරයි

Wednesday, 30 August 2017 - 15:07

%E0%B6%8B%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80+%E0%B6%BA%E0%B7%94%E0%B6%AF+%E0%B6%B8%E0%B7%99%E0%B7%84%E0%B7%99%E0%B6%BA%E0%B7%94%E0%B6%B8%E0%B7%8A+%E0%B6%86%E0%B6%BB%E0%B6%B8%E0%B7%8A%E0%B6%B7+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92
ජපානයට ඉහළින් පසුගියදා යොමුකළ මිසයිලය පැසිෆික් කලාපයේ යුද මෙහෙයුම්වල පළමු පියවර බව උතුරු කොරියාව ප්‍රකාශ කර තිබෙනවා.

ඉදිරියේදීත් මෙවැනි මිසයිල ප්‍රහාර රැසක් එල්ල විය හැකි බවයි එරට රාජ්‍ය මාධ්‍ය ප්‍රකාශ කළේ.

ජපානය - හොකයිඩෝ දූපතට ඉහළින් පසුගිය සිකුරාදා එල්ල කළ මෙම මිසයිල ප්‍රහාරය ජගත් සංවිධානයේ ආරක්ෂක මණ්ඩලය ද හෙළා දකිනු ලැබුවා.