සිසුවිය සමූහ දූෂණයේ ප්‍රධාන සැකකරු ස්විස් කුමාර්ගේ බිරිඳ සාක්ෂි දෙයි

Wednesday, 30 August 2017 - 16:33

%E0%B7%83%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B7%80%E0%B7%92%E0%B6%BA+%E0%B7%83%E0%B6%B8%E0%B7%96%E0%B7%84+%E0%B6%AF%E0%B7%96%E0%B7%82%E0%B6%AB%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1+%E0%B7%83%E0%B7%90%E0%B6%9A%E0%B6%9A%E0%B6%BB%E0%B7%94+%E0%B7%83%E0%B7%8A%E0%B7%80%E0%B7%92%E0%B7%83%E0%B7%8A+%E0%B6%9A%E0%B7%94%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B6%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%B3+%E0%B7%83%E0%B7%8F%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%92+%E0%B6%AF%E0%B7%99%E0%B6%BA%E0%B7%92
යාපනයේ විද්‍යා පාසල් සිසුවිය සමුහ දූෂණය කර ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු වන මහාලිංගම් ශෂිකුමාර් හෙවත් ස්විස් කුමාර් නැමැත්තා ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල ඉදිරියේ සාක්ෂි ලබාදෙමින් උප පොලිස් පරීක්ෂක ශ්‍රි ගජන් නිළධාරියා සිදුකළ ක්‍රියාවන් සම්බන්ධයෙන් වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

"මම කෝවිලක ඉන්නනකොට පොලිසියේ ශ්‍රිගජන් මහත්තයා මගේ දුරකථනයට කෝල් කරලා තිබ්බා. එතකොට මගේ යාළුවෙක් තමයි පෝන් එක ආන්සර් කරලා තිබුණේ. ශ්‍රී ගජන් මහත්තයා එහිදි මගේ යාළුවාට කියලා තිබ්බා මට කථා කරන්න කියලා."

"මම කෝවිලේ උත්සවය ඉවරවෙලා ශ්‍රිගජන් මහත්තයාට කථා කරා. එයා කිව්වා මාව හම්බවෙන්න ඕනේ කියලා.
එහෙම කියලා මැයි 17 වැනිදා ශ්‍රිගජන් මහත්තයා අපේ ගෙදර ඇවිල්ලා කිව්වා මාව ආරක්ෂා කරන්නම් කියලා. අපිට ‍එයාගේ වාහනයේ එන්න කියලා කිව්වා."

"අපි ඊට පස්සේ මම ම‍ගේ ස‍හෝදරයයි තවත් හතරදෙනෙක් එක්ක පොලිසියට ගියා.එහිදි ශ්‍රි ගජන් මහත්තයා මගේ සහෝදරයා ඇතුළු හතරදෙනෙක් අත්අඩංගුවට අරගෙන මට යන්න කියලා කිව්වා."

"මම ඇහුවා මගේ අනෙක් පිරිස අත්අඩංගුවට ගත්තේ ඇයි කියලා. ඒවේලාවේ එයා කිව්වා කොහේ හරි යන්න කියලා. ඊට පස්සේ මට බය හිතුනා ආයේ ගමට යන්න. පස්සේ මම බස් ස්ටෑන්ඩ් එකට ඇවිල්ලා බස් එකක නැගලා කොළඹ ගියා”

යාපනය මූලස්ථාන පොලිසියේ උප පොලිස් පරික්ෂක ශ්‍රී ගජන්, ස්විස් කුමාර් නැමැත්තා පොලිසියට රැගෙන ආවේ ඝාතන සිද්ධියට අදාළ සැකකරුවකු වශයෙන් නොවන බවත් ඔහු පහරකෑමේ සිද්ධියක් ගැන පැමිණිල්ලක් පමණක් සිදුකළ බවත් යාපනය ශිවයෝගනාදන් විද්‍යා සිසුවිය ඝාතනය කිරීමේ සිද්ධියට අදාළ නඩුවේ සාක්කි දෙමින් යාපනය හිටපු මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක රංජිත් බාලසූරිය මිට පෙර ප්‍රකාශ කළා.

එලෙස පැමිණිලි කර ස්විස් කුමාර් නැමැත්තා යාපනය අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා හමුවට ඉදිරිපත් කිරීමට යැයි කියමින් උප පොලිස් පරීක්ෂක ශ්‍රී ජගන් රැගෙන ගිය බවත් එලෙස කරන්නැයි උතුරු පළාත බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා තමන්ට උපදෙස් දුන් බවට උප පොලිස් පරීක්ෂක ශ්‍රී ගජන් ප්‍රකාශ කළ බවත් මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා එහි දී වැඩිදුරටත් සඳහන් කර තිබුනා.

ශ්‍රී ගජන් පොලිස් නිලධාරියා මේවනවිට අතුරුදන් වී සිටිනවා.

ස්විස්කුමාර්ගේ බිරිඳ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල ඉදිරි‍යේ ඊයේ(29)සාක්ෂි දී තිබෙනවා.

"පසුගිය 2015 මැයි 08 වැනිදා සිට 2015 මැයි 12 වැනිදා දක්වා මහාලිංගම් ශෂිකුමාර් වන මගේ මහත්තයා මා සමග කොළඹ වැල්ලවත්තේ තමයි හිටියේ"

ශිවලෝගනාදන් විද්‍යා ඝාතනයේ ප්‍රධාන සැකකරු වන මහාලිංගම් ශෂිකුමාර් හෙවත් ස්විස් කුමාර් ඊයේ(29) යාපනය මහාධිකරණයේදී ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල ඉදිරියේ සාක්ෂි ලබාදෙනු ලැබු අවස්ථා‍වේදී ස්විස්කුමාර්ගේ ප්‍රකාශ සම්බන්ධයෙන් බිරිදගෙන් විමසු අවස්ථාවේ ඇය එලෙස පවසා තිබෙනවා.

වවුනියාව මහාධිකරණ විනිසුරු බාලේන්ද්‍රන් ශෂී මහේන්ද්‍රන්ගේ සභාපතිත්වයෙන් යුතුව යාපනය මහාධිකරණ විනිසුරු මානික්කවාසගර් ඉලංචේලියන් හා ත්‍රිකුණාමලය මහාධිකරණ විනිසුරු අන්නාලිංගම් ප්‍රේමශංකර් ඉදිරියේදී නඩුවට අදාළ සාක්ෂි විමර්ශනය පැවැත්වෙනවා.

ස්විස් කුමාර්ගේ බිරිද එහිදි පැවසු‍වේ.

"මම ශෂිකුමාර් 2012 වර්ෂයේ තමයි කසාද බැන්දේ.එයා විදේශගතව හිටියේ.අවුරුද්දකට සැරයක් විතර මගේ මහත්තයා ලංකාවට ආවා. එහෙම ඇවිල්ලා 2015 මැයි 08 වැනිදා ඉදලා 2015 මැයි 12 වැනිදා දක්වා අපි වැල්ලවත්තේ නැවතිලා හිටියා"

අදාළ සාක්ෂි විමසීමේදී පැමිණිලි පාර්ශවය වෙනුවෙන් නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල් කුමාර්රත්නම් , ස්විස්කුමාර්ගේ බිරිඳගෙන් විමසුවේ එලෙස සිටි බවට ඉදිරිපත් කළ හැකි සාක්ෂි කිසිවක් පවතින්නේද යන්නයි.

ස්විස්කුමාර්ගේ බිරිද එහිදි පැවසුවේ එලෙස සාක්ෂි නොමැති බවයි.

විත්තිකරුවන්ගේ සාක්ෂි විමසීම ඊයේ(29) නවතා දැමු අතර ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල එහිදි පැවසුවේ නඩු විභාගය නැවත සැප්තැම්බර් 12 වැනිදා දක්වා කල් තබන බවයි.