පුංචි ඡන්දය මේ වසරේ නැහැ - මැතිවරණ කොමිසමේ සභාපති කියයි

Thursday, 31 August 2017 - 7:26

%E0%B6%B4%E0%B7%94%E0%B6%82%E0%B6%A0%E0%B7%92+%E0%B6%A1%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B6%BA+%E0%B6%B8%E0%B7%9A+%E0%B7%80%E0%B7%83%E0%B6%BB%E0%B7%9A+%E0%B6%B1%E0%B7%90%E0%B7%84%E0%B7%90+-+%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B6%AB+%E0%B6%9A%E0%B7%9C%E0%B6%B8%E0%B7%92%E0%B7%83%E0%B6%B8%E0%B7%9A+%E0%B7%83%E0%B6%B7%E0%B7%8F%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
පළාත්පාලන මැතිවරණය මෙම වසරේදී පැවැත්වීමට නොහැකි වනු ඇතැයි මැතිවරණ කොමිසම් සභාව ප්‍රකාශ කළා.

පළාත් පාලන ජන්ද විමසීමේ සංශෝධන පනත සම්මත වීමෙන් පසු පළාත් පාලන ජන්දය දෙසැම්බර් 09 වනදා පැවැත්වීමටයි මැතිවරණ කොමිසම් සභාව සැළසුම් කර තිබුණේ.

එහෙත් අධ්‍යයන පොදු සහතින පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය දෙසැම්බර් 12 වනදා ආරම්භ වන බැවින් රජයේ පාසල් දෙසැම්බර් 09 වනදා විභාග දෙපාර්තමේන්තුව භාරයේ පැවතිය යුතු බවට ඔවුන් දැනුම් දී ඇති බවයි මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ.

අදාල ඉල්ලීම විභාග කොමසාරිස් ජෙනරාල්වරයා විසින් ලිඛිතව තමන් වෙත දැනුම් දී ඇති බවද ඔහු සඳහන් කළා.

ඒ අනුව මැතිවරණය පැවැත්විමට දෙසැම්බර් මාසයේ වෙනත් දිනයක් නොමැති බැවින් එය ලබන වසරේ ජනවාරි මාසය දක්වා කල් යනු ඇති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කලේ.

මේ අතර පසුගියදා පාර්ලිමේන්තුවේදී සම්මත වූ පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ සංශෝධන පනත් කෙටුම්පතට කථානායකවරයා අද අත්සන් තැබීමට නියමිතයි.

කථානායක කාර්යාලය නිවේදනය කළේ අද දහවල් 12.15 ට කතානායකවරයා මෙම පනත් කෙටුම්පතට අත්සන් තබන බවයි.

අදාළ පනත් කෙටුම්පත පසුගිය 25 වන දා පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්දයෙන් සම්මත වුණා.

පනතට පක්ෂව ඡන්ද 120 ක් ලැබුණු අතර, විපක්ෂව ඡන්ද ලැබුණේ නැහැ.

එහිදී ජනතා විමුක්ති පෙරමුණේ සහ දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන් පනතට පක්ෂව ඡන්දය භාවිත කළා.

කෙසේ වෙතත්, 44 දෙනෙකු ඡන්දය දීමෙන් වැළකී සිටි අතර, ඒ සියලූ දෙනා ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන්.