දැරියකට අතවර කිරීමට තැත් කළ අයෙක් අත්අඩංගුවට

Thursday, 31 August 2017 - 11:00

%E0%B6%AF%E0%B7%90%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B6%A7+%E0%B6%85%E0%B6%AD%E0%B7%80%E0%B6%BB+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%AD%E0%B7%90%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%85+%E0%B6%85%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
නිවසේ තනිවම සිටි දැරියකට එම නිවසට පැමිණි පුද්ගලයෙකු විසින් අතවර කිරීමට තැත් කිරීම යන චෝදනාව සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ පුද්ගලයෙක් ලබන මස 07 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස ගල්ගමුව මහේස්ත්‍රාත් එල්.ටී වරුෂ විතාන පෙරේදා (28) නියෝග කර ඇතැයි ගල්ගමුව පොලිසිය පවසනවා.

පසුගිය 27 වැනිදා උදෑසන ගල්ගමුව, ගල්ලෑව ප්‍රදේශයේ දී මෙය සිදුව ඇති අතර අදාල සිදුවීම සම්බන්ධයෙන් මෙම දැරියගේ නිවස ආසන්නයේම පදිංචි 51 හැවිරිදි විවාහක පුද්ගලයෙකු ගල්ගමුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සිද්ධිය සිදුවන අවස්ථාවේ දී දැරියගේ නිවසේ කිසිවෙකු සිට නොමැති අතර මෙම සැකකාර පුද්ගලයා දැරියගේ නිවසට පැමිණ නිවසේ සිටින්නේ කවුරුන්දැයි විමසා කිසිවෙකුත් නොමැති බව දැනගැනීමෙන් පසු දැරියගේ දෑත අල්ලාගෙන ඇයව වැළද ගැනීමට උත්සාහ දරා තිබෙනවා.

ඒත් සමගම මෙම දැරිය සැකකරුගෙන් මිදී මිදුලට පැමිණ කෑ ගැසීමත් සමග සැකකරු පලා ගොස් ඇති බවත් ඉන් පසු දැරියගේ මව විසින් ගල්ගමුව පොලිසියට කළ පැමිණිල්ලක් මත සැකකරු අත්අඩංගුවට ගත් බවත් පොලිසිය සදහන් කළා.

සිද්ධිය සම්බන්ධයෙන් ගල්ගමුව පොලිස්ථානයේ වැඩබලන ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක දුමින්ද නයනසිරිගේ උපදෙස් මත අපරාධ අංශයේ උප පොලිස් පරීක්ෂක ටිකිරි බන්ඩාර ඇතුළු නිලධාරීන් සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කර තිබෙනවා.