පාර්ලිමේන්තු වටරවුම ආශ්‍රිතව දැඩි රථවාහන තදබදයක් (ඡායාරූප)

Thursday, 31 August 2017 - 11:27

%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%BD%E0%B7%92%E0%B6%B8%E0%B7%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%94+%E0%B7%80%E0%B6%A7%E0%B6%BB%E0%B7%80%E0%B7%94%E0%B6%B8+%E0%B6%86%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%AD%E0%B7%80+%E0%B6%AF%E0%B7%90%E0%B6%A9%E0%B7%92+%E0%B6%BB%E0%B6%AE%E0%B7%80%E0%B7%8F%E0%B7%84%E0%B6%B1+%E0%B6%AD%E0%B6%AF%E0%B6%B6%E0%B6%AF%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
සමෘද්ධි ඇතුලූ ක්‍ෂේත්‍ර නිලධාරීන්ට පළාත්පාලන මැතිවරණයට තරග කිරීමට අයිතිය ලබාදීම ඇතුලූ ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් සමස්ත ලංකා සමෘද්ධි සංවර්ධන හා කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහකාර නිලධාරීන්ගේ සංගමය මේ වන විට විරෝධතාවක නිරත වනවා.

ඒ, සමෘද්ධි අමාත්‍යාංශය පිහිටි බත්තරමුල්ල - සෙත්සිරිපාය ඉදිිරිපිටදියි.

විරෝධතාකරුවන් පාර්ලිමේන්තු වටරවුමේ සිට පා ගමනින් එම ස්ථානයට පැමිණි අතර, මේ හේතුවෙන් බත්තරමුල්ල අවට හටගත්තේ දැඩි රථවාහන තදබදයක්.  

විරෝධතාව සඳහා ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාරද එක්ව සිටිනවා.

විරෝධතාවය අතරතුර මාධ්‍ය වෙත අදහස් දක්වමින් සමස්ත ලංකා සමෘද්ධි සංවර්ධන හා කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහකාර නිලධාරීන්ගේ සංගමයේ ලේකම් බස්නාහිර පලාත් සභා මන්ත්‍රී ජගත් කුමාර කියා සිටියේ තම ඉල්ලීම් වලට කඩිනමින් විසදුම් ලබා නොදුනහොත් ඉදිරියේදි දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වීමට තීරණය කර ඇති බවයි.