හමුදා සෙබලෙක් සිය ගිනි අවියෙන් වෙඩි තබාගෙන සියදිවි හානිකරගනී

Thursday, 31 August 2017 - 12:14

%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B7%8F+%E0%B7%83%E0%B7%99%E0%B6%B6%E0%B6%BD%E0%B7%99%E0%B6%9A%E0%B7%8A+%E0%B7%83%E0%B7%92%E0%B6%BA+%E0%B6%9C%E0%B7%92%E0%B6%B1%E0%B7%92+%E0%B6%85%E0%B7%80%E0%B7%92%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%99%E0%B6%A9%E0%B7%92+%E0%B6%AD%E0%B6%B6%E0%B7%8F%E0%B6%9C%E0%B7%99%E0%B6%B1+%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B6%AF%E0%B7%92%E0%B7%80%E0%B7%92+%E0%B7%84%E0%B7%8F%E0%B6%B1%E0%B7%92%E0%B6%9A%E0%B6%BB%E0%B6%9C%E0%B6%B1%E0%B7%93
කිලිනොච්චිය සිට දම්මින්න හමුදා කඳවුරේ විශේෂ පුහුණු පාඨමාලාවකට පැමිණ සිටි කොමාන්ඩෝ සෙබලෙකු සිය T56 ගිනි අවියෙන් වෙඩි තබාගෙන සියදිවි නසාගෙන ඇතැයි අරලගංවිල පොලිසිය පවසනවා.

ඊයේ(30) සවස 6ට පමණ දම්මින්න හමුදා කඳවුරේ බංකරයක් තුළ මෙලෙස වෙඩි තබාගෙන ඇත්තේ මහනුවර- තොටවැල්ඔලුව- කෝඩියදෙනිය ප්‍රදේශයේ කේ එස් ටි ඩබ්ලිව් එම් දොඩම්වල නමැති 22 හැවිරිදි අවිවාහක හමුදා සෙබලෙක්.

ප්‍රේම සබඳතාවක ප්‍රතිපලයක් ලෙස මෙලෙස සියදිවි හානි කර ගන්නට ඇති බවට දැනට කළ පරීක්ෂණ අනුව පොලිසිය සැක කරනවා.