සංහිඳියාව ගැන ජනපතිට ප්‍රසාදය

Thursday, 31 August 2017 - 12:45

%E0%B7%83%E0%B6%82%E0%B7%84%E0%B7%92%E0%B6%B3%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B6%A7+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%83%E0%B7%8F%E0%B6%AF%E0%B6%BA
රට තුළ සංහිඳියාව ගොඩනැගීමට සහ ප්‍රජාතන්ත්‍රවාදී සංශෝධන වෙනුවෙන් ජනාධිපතිවරයා ගෙන ඇති ක්‍රියාමාර්ග ප්‍රශංසනීය බව එක්සත් ජනපදයේ වැඩබලන සහකාර රාජ්‍ය ලේකම් ඇලිස් වෙල්ස් ප්‍රකාශ කළා.

නොයෙකුත් විවේචන සහ අභියෝග හමුවේ ජනාධිපතිවරයා ගෙන ඇති මෙම පියවර තවදුරටත් සාර්ථක කරගැනීම සඳහා එක්සත් ජනපදයේ අඛන්ඩ සහය ලබාදෙන බවයි ඇය කියා සිටියේ.

එක්සත් ජනපදයේ වැඩබලන සහකාර ලේකම්වරිය මේ බව කියා සිටියේ  ජනාධිපති නිල නිවසේදී ඊයේ පස්වරුවේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන හමුවූ අවස්ථාවේදියි.

යුක්තිය හා සාධාරණත්වය, වාර්ගික සහජීවනය, ව්‍යවස්ථා සංශෝධනය, සාමය ස්ථාවරත්වය යනාදී සෑම ක්‍ෂේත්‍රයක් තුළම මේ වනවිට ශ්‍රී ලංකාව ප්‍රගතියක් ලබා ඇති බවට ඇය මෙහිදී සඳහන් කළා.

සංහිඳියා වැඩපිළිවෙලේ ප්‍රතිඵල වේගවත් නොවුණද එය ස්ථීර අරමුණක් කරා සෙමෙන් නමුත් සාර්ථකව ඉදිරියට යන ගමනක් බවයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මෙම සාකච්ඡාවේදී ප්‍රකාශ කර ඇත්තේ.