ක්‍රීඩාව ගොඩගැනීමට තනතුරෙන් අස්වෙන්න - ඒකාබද්ධ විපක්ෂය ක්‍රිකට් සභාපතිට කියයි

Thursday, 31 August 2017 - 12:51

%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93%E0%B6%A9%E0%B7%8F%E0%B7%80+%E0%B6%9C%E0%B7%9C%E0%B6%A9%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%AD%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B7%83%E0%B7%8A%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+-+%E0%B6%92%E0%B6%9A%E0%B7%8F%E0%B6%B6%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0+%E0%B7%80%E0%B7%92%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%BA+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B6%A7%E0%B7%8A+%E0%B7%83%E0%B6%B7%E0%B7%8F%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B6%A7+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
ක්‍රිකට් ක්‍රීඩාව සම්බන්ධයෙන් වර්තමානයේ මතුව ඇති අර්බුදය පිළිබදව පාර්ලිමේන්තු විවාදයක් ඉල්ලා ඇතැයි ඒකාබද්ධ විපක්ෂය ප්‍රකාශ කළා.

කොළඹ අද පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මේ බව කියා සිටියා. ‘‘අපේ තරුණ මන්ත්‍රීවරු පක්ෂයේ නායකයින්ගෙන් ඉල්ලීමක් කරලා තියෙනවා විශේෂ කල් තැබීමේ අවස්ථාවක් මේකට දෙන්න කියලා. ශෙහාන් මන්ත්‍රීතුමා මූලිකව ඒ ඉල්ලීම යොමු කළා. අපි පක්ෂ නායක රැස්වීමේදී තීරණාත්මකව සලකා බැලූවා. හැබැයි අපි ඒකාබද්ධ විපක්ෂය හැටියට ඒ ඉල්ලීම කරන්නේ.....ක්‍රිකට් කණ්ඩායම මේකට පලි නැහැ. ක්‍රිකට් කණ්ඩායමට අතවර කරන්න, හූ කියන්න, අපහාස කරන්න, ඔවුන්ගේ ධෛර්යය සිඳලන්න කරුණාකරලා කටයුතු කරන්න එපා. ක්‍රිකට් කණ්ඩායමේ අර්බුදයක් නෙවෙයි මේ තියෙන්නේ. අර්බුදය තියෙන්නේ වෙන තැනක. අර්ජුණ රණතුංග මැතිතුමා මුළු ලෝකයටම කිව්වා මේ පරාජයට ආණ්ඩුව වගකියන්න  ඕන කියලා. එතුමා කිව්වා මේකේ සැකයක් තියෙනවා සූදු ඔට්ටු ඇල්ලීම මේක පිටිපස්සේ තියෙනවා කියලා. ලසිත් මාලිංගගේ බඩ පිළිබඳව කතා කරපු දේශපාලනඥයෝ අද තරඟයට ලසිත් මාලිංග නායකයා වශයෙන් තෝරා ගන්නවා, මේක ඵෙතිහාසක සරදමක්.’’ යනුවෙන් ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

මාධ්‍ය හමුවට පාර්ලිමේන්තු මන්ත්‍රී ෂෙහාන් සේමසිංහ ද එක්ව සිටියා.

එහිදී ඔහු කියා සිටියේ ‘‘අර්ජුණ රණතුංග හිටපු ක්‍රිකට් නායකතුමා කියනවා, ක්‍රිකට් ක්‍රීඩාවේ කඩා වැටීම ඔට්ටුව මත සහ සූදුව මත තමයි අද රඳා පවතින්නේ කියලා. ඒ හින්දා අපි එදා රජයට කිව්වා මේ වගේ මුදලට රටේ ක්‍රීඩාව පාවාදීම සම්බන්ධයෙන් බරපතල චෝදනාවක් හිටපු ක්‍රිකට් නායකවරයා සහ වර්තමාන ඇමතිවරයා ඉදිරිපත් කරද්දීත් ඒ සම්බන්ධයෙන් පැය 24 ඇතුළත අපේ රටට පැහැදිලි කිරීමක් කරන්න  ඕන කියලා. අද වෙනතුරු මේ පැහැදිලි කිරීම රජය විසින් කරලා නෑ. මෙය ඉතාම බරපතල තත්ත්වයක්. මොකද ක්‍රිකට් ක්‍රීඩාවේ කඩා වැටීම දවසින් දවස සිදු වෙනවා. අත්හදා බැලීම් රාශියකට ක්‍රිකට් කණ්ඩායම ලක් වෙනවා. එතකොට මෙවැනි බරපතල තත්ත්වයක් තියෙද්දී අද පුවත්පත්වල වාර්තා වෙනවා, දහසක පොලිස් බල ඇණියක් සහිතව ක්‍රිකට් කණ්ඩායම අද තරඟ බිමට යනවා. ඉතිං මේක බරපතල තත්ත්වයක්. වහාම මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් කරන්න. වහාම මේ දේශපාලන ඇඟිලි ගැසීම් නවත්වන්න. ඒ, එක්කම ක්‍රිකට් සභාපතිතුමාට - නියෝජ්‍ය කතානායතුමාට, ඒ වගේම ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට ආපු තිලංග සුමතිපාල එතුමාගේ පවුලට සම්බන්ධව මේ සූදු ක්‍රීඩාවේ ඔට්ටු ක්‍රීඩාවේ යෙදෙන සමාගම් තිබෙනවා. ආයතන තියෙනවා. එතකොට එතුමා ප්‍රධානත්වය දරද්දී මේ ආකාරයට චෝදනා එල්ල වෙනවා නම් එතුමාගෙත් වගකීමක් තියෙනවා ඒ සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් කරන්න. එහෙම නැත්නම් මේ තනතුරෙන් ඉල්ලා අස්වෙලා මේ ක්‍රිකට් ක්‍රීඩාවේ ඇතිවෙලා තියෙන ඛේදජනක තත්ත්වයෙන් මේ ක්‍රීඩාව මුදවා ගන්න. පහසුකම් ටික සපයන්න.’’ යනුවෙන් ඔහු සඳහන් කළා.