බොරු සාක්ෂි දුන් පර්පෙචුවල් ප්‍රධාන අලෙවි නිලධාරියාටත් වැඩ වරදී

Thursday, 31 August 2017 - 13:22

%E0%B6%B6%E0%B7%9C%E0%B6%BB%E0%B7%94+%E0%B7%83%E0%B7%8F%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%92+%E0%B6%AF%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B6%BB%E0%B7%8A%E0%B6%B4%E0%B7%99%E0%B6%A0%E0%B7%94%E0%B7%80%E0%B6%BD%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1+%E0%B6%85%E0%B6%BD%E0%B7%99%E0%B7%80%E0%B7%92+%E0%B6%B1%E0%B7%92%E0%B6%BD%E0%B6%B0%E0%B7%8F%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%A7%E0%B6%AD%E0%B7%8A+%E0%B7%80%E0%B7%90%E0%B6%A9+%E0%B7%80%E0%B6%BB%E0%B6%AF%E0%B7%93
පර්පෙචුවල් ටෙ‍්‍රෂරීස් සමාගමේ ප්‍රධාන අලෙවි නිලධාරි නුවන් සල්ගාදු අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බව නීතිපති දෙපාර්තමේන්තුව අද (31) බැදුම්කර කොමිසමට දැනුම් දුන්නා.

එහිදී ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් දප්පුල ද ලිවේරා ප්‍රකාශ කළේ ඔහු විශම සාක්ෂි ගෙතීම සහ විනාශ කිරීම සිදුකිරීමෙන් අපරාධමය වරදක් සිදුකළ බවට තහවුරු වී ඇති බවයි.

පසුගිය ජුලි මස පස්වනදා සිය සමාගමේ දුරකථන ඇමතුම් පටිගත කිරීමේ පද්ධතියේ මකා දැමීමට නුවන් සල්ගාදු උපදෙස් ලබාදුන් බවයි පර්පෙචුවල් ටෙ‍්‍රෂරීස් සමාගමේ තොරතුරු තාක්ෂණ අංශයේ ජ්‍යෙෂ්ඨ විධායක නිලධාරි සචිත් දේවතන්ත්‍රී අද කොමිසම හමුවේ කියා සිටියේ.

 එලෙස මකා දැමීමට අවශ්‍ය හඩ පට 15 ක පමණ ලිඛිත සටහනක් ද තමන්ට ලබාදුන් බව ඔහු ප්‍රකාශ කළා.

ඒ අනුව එම හඩ පට මකා දමා එය සැගවීමට වෙනත් හඩ පට ප්‍රතිස්ථාපනය කර ඇති බවයි කොමිසම හමුවේ අද හෙළි වුණේ.

කෙසේ වෙතත්, සාක්ෂිකරු ප්‍රකාශ කළේ එම හඩ පට මකා දැමීමට පෙර එහි අනුපිටපතක් පර්පෙචුවල් ටෙ‍්‍රෂරීස් සමගාමේ ප්‍රධාන අලෙවි නිලධාරි නුවන් සල්ගාදුට ලබාදුන් බවයි.

අදාළ වෙනස් නොකරන ලද හඩ පට අද පස්වරුවේම කොමිසමට ලබාදෙන ලෙස නියෝගයක් නිකුත් කරන්නැයි සාක්ෂි විමසීම තාවකාලිකව අත්හිටුවමින් අතිරේක සොලිස්ටර් ජනරාල් යසන්ත කෝදාගොඩ ඉල්ලීමක් කළා.

ඒ සදහා කොමිසම අවසර ලබාදුන් අතර, මෙහිදී ඉතා බරපතල අපරාධ වරදක් සිදුවී ඇති බැවින් සාක්ෂි විභාගයේදී මතුවූ කරුණු පොලිස්පතිවරයාට යොමුකරන ලෙද නීතිපති දෙපාර්තමේන්තුව කොමිසමෙන් ඉල්ලා සිටියා.

අනතුරුව නැගී සිටි ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් දප්පුල ද ලිවේරා අවධාරණය කළේ සාක්ෂි ගෙතීම සහ විනාශ කිරීම සිදුකළ නුවන් සල්ගාදු අත්අඩංගුවට ගැනීමට නීතිපති දෙපාර්තමේන්තුව කටයුතු කරන බවයි.

අපරාධ නඩුවක් ගොනු කිරීම සදහා කොමිසමේ තොරතුරු නීතිපතිවරයාට යොමුකරන ලෙස ද ඉල්ලමින් ඔහු සදහන් කළේ මෙම කතාවේ අවසානය මෙය නොවන බවයි.

පර්පෙචුවල් ටෙ‍්‍රෂරීස් සමාගම සහ කසුන් පලිසේන යනු එකම අය බවයි ජනාධිපති නීතිඥ යසන්ත කෝදාගොඩ කොමිසම හමුවේ කියා සිටියේ.

ඉන් අනතුරුව යලි ඇරඹුනු සාක්ෂි විමසීමේදී පර්පෙචුවල් සමාගමේ තාක්ෂණ අංශයේ විධායක නිලධාරි සචිත් දේවතන්ත්‍රී ප්‍රකාශ කළේ හඩපට කිහිපයක් මකා දැමීමෙන් පසු සම්පූර්ණ දෘඩ තැටියේම දත්ත මකා දැමීමට තම සමාගමකට අදහසක් තිබූ බවයි.

නමුත් හඩපට මකා දැමූ දින හදිසියේම අදාළ පරිගණකය අකර්මන්‍ය වූ බව ද සාක්ෂිකරු සදහන් කළා.
 
එසේම, මෑතකදී සම්මත කර ගත් අපරාධයක සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ පනතේ බලතල උපුටා දක්වමින් කොමිසම සදහන් කළේ සාක්ෂිකරුගේ රැකියාවේ වෙනසක් සිදුකිරීම හෝ සේවා ස්ථානයේදී ඔහුට හිංසා කිරීමට තැත් කිරීම අපරාධ වරදක් යටතේ ගැනෙන බවයි.