කථානායකවරයා පළාත්පාලන ආයතන ඡන්ද විමසීමේ සංශෝධන පනත් කෙටුම්පතට අත්සන් තබයි

Thursday, 31 August 2017 - 14:32

%E0%B6%9A%E0%B6%AE%E0%B7%8F%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B7%8F+%E0%B6%B4%E0%B7%85%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E0%B6%B4%E0%B7%8F%E0%B6%BD%E0%B6%B1+%E0%B6%86%E0%B6%BA%E0%B6%AD%E0%B6%B1+%E0%B6%A1%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF+%E0%B7%80%E0%B7%92%E0%B6%B8%E0%B7%83%E0%B7%93%E0%B6%B8%E0%B7%9A+%E0%B7%83%E0%B6%82%E0%B7%81%E0%B7%9D%E0%B6%B0%E0%B6%B1+%E0%B6%B4%E0%B6%B1%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%99%E0%B6%A7%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B6%AD%E0%B6%A7+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B7%83%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AD%E0%B6%B6%E0%B6%BA%E0%B7%92
පාර්ලිමේන්තුවේදී සම්මත වූ පළාත් පාලන ආයතන ඡුන්ද විමසීමේ සංශෝධන පනත් කෙටුම්පතට කතානායකවරයා අද (31) අත්සන් තැබුවා.

එම අවස්ථාවට පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාෆා ද එක්ව සිටියා.

පසුගිය 25 වනදා පැවති ඡන්ද විමසීමේදී මෙම පනතට පක්ෂව ඡන්ද 120 ක් ලැබුණු අතර, විපක්ෂව ඡන්ද ලැබුණේ නැහැ.

ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් සමඟ ජනතා විමුක්ති පෙරමුණේ සහ දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන් ඊට පක්ෂව ඡන්දය භාවිත කළා.

කෙසේ වෙතත්, 44 දෙනෙකු ඡන්දය දීමෙන් වැළකී සිටි අතර, ඒ සියලූ දෙනා ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන්.

එම අවස්ථාවට එක්වෙමින් අදහස් දැක්වු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාෆා කියා සිටියේ මැතිවරණ කොමිෂන් සභාව නියම කරන දිනයකදී මැතිවරණය පැවැත්වීමට දැන් හැකියාව පවතින බවයි.

කෙසේ වෙතත්, පළාත් පාලන මැතිවරණය මෙම වසරේදී පැවැත්වීමට නොහැකි වනු ඇති බවයි මැතිවරණ කොමිසන් සභාව ප්‍රකාශ කළේ.

දෙසැම්බර් මාසයේ එය පැවැත්වෙන බව පළමුව ප්‍රකාශයට පත්ව තිබුණත්, සාමාන්‍ය පෙළ විභාගය දෙසැම්බර් 12 වනදා ආරම්භ වන බැවින් එය ලබන වසරේ ජනවාරි මාසය දක්වා කල් යනු ඇති බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය ප්‍රකාශ කළා.