රසායන විද්‍යා ප්‍රශ්ණ පත්‍ර සිද්ධියේ සැකකාර සිසුවාගෙන් අධිකරණයට ඉල්ලීමක්

Thursday, 31 August 2017 - 16:17

%E0%B6%BB%E0%B7%83%E0%B7%8F%E0%B6%BA%E0%B6%B1+%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%81%E0%B7%8A%E0%B6%AB+%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB+%E0%B7%83%E0%B7%92%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B7%83%E0%B7%90%E0%B6%9A%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB+%E0%B7%83%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B7%80%E0%B7%8F%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B6%B0%E0%B7%92%E0%B6%9A%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%E0%B6%A7+%E0%B6%89%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%93%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A
තාක්ෂණික මෙවලම් උපයෝගී කර ගනිමින් විභාගය අතරතුරදී රසායන විද්‍යා ප්‍රශ්ණ පත්‍රය පිට කිරීමේ චෝදනා මත රක්ෂිත බන්ධනාගාර ගතව සිටින උසස් පෙළ සිසුවාට ලබන 4 වනදා පැවැත්වෙන විභාගයට පෙනී සිටීමට අවසර ලබාදෙන ලෙසට අධිකරණයට ඉල්ලීමක් ඉදිරිපත්ව තිබෙනවා.

ඔහුගේ  නීතිඥවරුන් මෝසමක් මාර්ගයෙනුයි අද මෙම ඉල්ලීම කර ඇත්තේ.

එහිදී  ගම්පහ මහේස්ත්‍රාත් ඩී ඒ රුවන්පතිරණ අදාළ ඉල්ලීම සම්බන්ධයෙන් මහර බන්ධනාගාර අධිකාරීවරයාට ලිඛිතව දන්වා යවන ලෙසටයි අධිකරණ රෙජිස්ට්‍රාර්වරයාට නියම කළේ.

සැකකාර සිසුවා විභාගයට ඉදිරිපත් කරන්නේ නම් එදින මෙම සිද්ධියේ නඩු විභාගය ද පැවැත්වෙන බැවින් විභාගයෙන් පසු ඔහු යළිත් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට මහේස්ත්‍රාත්වරයා බන්ධනාගාර නිලධාරීන්ට නියම කර තිබෙනවා.

උසස් පෙළ රසායන විද්‍යා ප්‍රශ්ණ පත්‍රයේ කොටස් ඇතුලත් අත් පත්‍රිකා බෙදා හැරීමේ සිද්ධියට අදාළව මේවන විට සැකකරුවන් 5 දෙනෙකු රක්ෂිත බන්ධනාගාර ගතව පසුවනවා.

ඒ උපකාරක පංති ගුරුවරයා / ඔහුගේ පියා / සහෝදරයා / සැකකාර සිසුවා සහ ඔහුගේ පියායි.

මෙම අත්පත්‍රිකා මුද්‍රණය කළ ආයතනයේ හිමිකරු පසුගියදා ඇප මත නිදහස් කෙරුනා.

සිද්ධියට අදාළ නඩු විභාගය ලබන 4 වනදා යළි පැවැත්වීමට නියමිතයි.