ඉන්දීය විදේශ ඇමතිනිය දිවයිනට

Thursday, 31 August 2017 - 17:30

%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%93%E0%B6%BA+%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%9A%E0%B7%81+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92%E0%B6%B1%E0%B7%92%E0%B6%BA+%E0%B6%AF%E0%B7%92%E0%B7%80%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B6%A7
ඉන්දීය විදේශ අමාත්‍ය සුෂ්මා ස්වරාජ් දිවයිනට පැමිණ තිබෙනවා.

අප ගුවන්තොටුපල වාර්තාකරු සඳහන් කළේ අමාත්‍යවරිය රැගත් ඉන්දියාවට අයත් ගුවන්යානය අද පස්වරු 4.30 ට දිවයිනට ළගාවු බවයි.

කොළඹදී පැවැත්වෙන ඉන්දීය සාගර සමුලුවට සහභාගී වීම සඳහායි ඉන්දීය විදේශ අමාත්‍යවරිය දිවයිනට පැමිණ ඇත්තේ.

ඔවුන් පිළිගැනීම සදහා ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ නිලධාරීන් මෙන්ම, ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යංශයේ උසස් නිලධාරීන් පිරිසක් ද කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියා.

මෙම සමුලුව වෙනුවෙන් ඉන්දීය විදේශ අමාත්‍යංශ ලේකම්වරයා ද ඊයේ දිවයිනට ළගාවුනා